ඉන්ධන මිල සූත්රය අනුව අද රාත්රී සිට ක්රියාත්මක වන පරිදි භුමිතෙල් හැර අනෙකුත් ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.
මේ අනුව,
ලංකා සුදු ඩිසල් මිල රුපියල් 5කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 397කි.
ලංකා සුපිරි ඩිසල් මිල රුපියල් 15කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 543කි.
පෙට්රල් ඔක්ටේන් 95 මිල රුපියල් 15කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 490කි.
පෙට්රල් ඔක්ටේන් 92 මිල රුපියල් 10 කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 424කි.
ලංකා භූමිතෙල් මිල රු 285ක් ලෙස පවතී.