ඇමෙරිකාව හා ඉරානය අතර සාම ගිවිසුමක් සම්බන්ධයෙන් ඊයේ දිනයේදි යහපත් ප්‍රතිචාරයක් ලැබුණ පසුබිමක ලෝක වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේදි සියයට 7කින් පමණ පහළ ගියත් අද දින යළිත්වරක් බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ.
මේ අනුව ඊයේ දිනයට සාපේක්ෂව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 0.08කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 104.8 බවට පත්විය. එසේම වෙස්ට් ටෙක්සාස් අතරමැදි බොරතෙල් බැරලයක මිල ඩොලර් 0.28කින් ඉහළ ගොස් 96.73ක් බවට පත්ව තිබේ.
