බුද්ධි අංශ මේජර්වරයෙක් ලෙස පෙනී සිටි සැකකරුවෙක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශ මේජර්වරයෙකු ලෙස තමන්ව හඳුනාගනිමින් කටයුතු කල සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොරටුව සොයිසාපුර නිවාස සංකීර්ණයේදි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු මොහොමඩ් නිසාර් ඉම්රාන් නොහොත් ජෝන් වෝල්ක් යන නමින් හැඳින්වෙයි.
සැකකරුත් සමග ජංගම දුරකතනය, කැමරා දෙකක්, වයිෆයි ඩ්‍රෝන කැමරාවක්, ලැප්ටොප් පරිගණක දෙකක්, කඩුවක් හා හමුදා ටී - ෂර්ට් තුනක්ද විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ විශේෂ කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළේය.
අක්කරේපත්තුවේ පදිංචි මෙම 26 හැවැරිදි සැකකරු ව්‍යාජ නම් භාවිත කරමින් අන්තවාදී කටයුතු වලටඑක්ව ඇති බවට පොලිස් විශේෂ කාර්ය බළකාය තහවුරු කරගෙන තිබේ.
එසේම කොළඹ ෂැංග්‍රීලා බෝම්බය එල්ල වී විනාඩි කිහිපයකින් එනම් අප්‍රේල් 21 දා පෙරවරු 9.15ට පමණ එම හෝටලයේ ලබාගත් ඡායාරූප කිහිපයක්ද සැකකරුගේ ඡංගම දුරකතයේ තිබි සොයාගෙන ඇත.

popular news
-
Champa Monday, 03 June 2019 09:40 AM
අම්ම. බුද්ධි අංශෙ කියල? ඇතුලේ තව කට්ටිය ඉන්නවද දන්නේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

