බීමත් යතුරු පැදි ධාවකයන් 900ක් අත්අඩංගුවට
- 19 04 2014
- 12:32
- {{hitsCtrl.values.hits}} views
- . .
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය දිවයිනම ආවරණය වන පරිදි පසුගිය 10 වැනිදා උදෑසන 6.00 සිට අද (19දා) උදෑසන 6 දක්වා දින නවයක් තුළ සිදුකරනු ලැබූ මෙහෙයුම්වලදී බීමත් යතුරු පැදි ධාවකයින් 900ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරනු ලැබීය.
එසේම එම කාලය තුළදී අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 1631කි.
ඊයේ (18දා) උදෑසන 6යේ සිට අද (19දා) උදෑසන 6 දක්වා ගතවූ පැය 24 තුළදී පමණක් බීමත් රියදුරන් 143 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
දින නවයක කාලය තුළදී මගී ප්‍රවාහන බස් රථ රියදුරන් 12ක්, යතුරු පැදි ධාවකයන් 900ක්, ති‍්‍රරෝද රථ රියදුරන් 563ක්, වෙනත් වාහන රියදුරන් 156ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
