හෝමූස් සමුද්ර සන්ධිය ආශ්රිතව වර්ධනය වෙමින් පවතින යුදමය ආතතීන් හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුමට බාධා ඇතිවිම හා හූති සටන්කාමීන් සෞදියේ ඉන්ධන පහසුකම්වලට එල්ලකරන ප්රහාර හේතුවෙන් ලෝක වෙළඳ පොළ තුළ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ යමින් පවතී.
අද (30) අලුයම වන විට බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 116.4ක් දක්වා ඉහළ ගොස් තිබුණු අතර අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් මිලද ඩොලර් 103.3 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.