මේජර් ජනරාල් (විශ්‍රාමික) නන්ද මල්වආරච්චි මහතා බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ධූරයට පත් කෙරේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්රකාශනය අනුව දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ සංකල්පය යටතේ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය ස්ථාපනය කෙරිණි.
තිරසාර සහ ප්‍රධාන උපාය මාර්ගයක් ලෙස අඩු ආදායම්ලාභී පවුල් වල අවම අධ්‍යාපන සුදුසුකම් සහිත සාමාජිකයින්ට විධිමත් වෘත්තීය පුහුණුවක් ලබාදීමෙන් පසු රජයේ ස්ථිර රැකියා ලබාදීම වැඩසටහනේ අරමුණයි.
මේජර් ජනරාල් (විශ්‍රාමික) නන්ද මල්වආරච්චි මහතා වැඩ බලන යුද හමුදාපතිවරයෙකු ලෙස 2007 වර්ෂයේ යුද හමුදාවෙන් විශ්‍රාම ගියේය. ඉන්දුනීසියානු ජන රජයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ද නන්ද මල්වආරච්චි මහතා වසර 06 කාලයක් සේවය කළේය.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ආරම්භක ලේකම්වරයා ලෙස සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද මල්වආරච්චි මහතා ක්‍රියා කර ඇත.