බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවතට
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂහට පනවා තිබු විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
2015 ජනාධිපතිවරණය සමයේ දිවි නැගුම සහනාධාර ලාභීන්ට සෙවිලි තහඩු ඇතුළු නිවාස උපකරණ බෙදා දීමට එම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 2991 මුදලක් සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ ඇතුලු සිවු දෙනෙකුට පවරා ඇති නඩුව අද දිනයේදී විනිසුරු ආර්.ගුරුසිංහ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කරනු ලැබිය.
බැසිල් රාජපක්ෂ වෙනුවෙන් නීතිඥවරයා පවසා සිටියේ තම සේවාදායකයා ජනාධිපතිවරයා විසින් පත්කර ඇති ආර්ථික කාර්ය සාධන කමිටුවක ප්‍රධානත්වය දරමින් කටයුතු කරන නිසා ඔහුට රාජකාරීමය කටයුතු සඳහා විදෙස්ගත වීමට අවශ්‍යව ඇති බැවින් විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසයි.
ඒ බව තහවුරු කිරීමට ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපියක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලදී .
popular news
-
Kumar Monday, 23 November 2020 09:58 PM
Now Basil can visit his relatives in Australia and inspect his properties in California as well.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

