බුද්ධ ශාසනය වෙනුවෙන් රජය මිලියන 7000ක් වෙන් කළා
බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් ගත වූ වසර හතර, පහ තුළ රජය රුපියල් මිලියන 7000 කට ආසන්න මුදලක් වෙන් කර ඇති බවත් මෙතරම් විශාල මුදලක් බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් වෙන් කළ වෙනත් ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ නොතිබූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (26) අරලියගහ මන්දිරයේ දී පැවැති ශ්‍රී ලාංකීය භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ක්‍රියාත්මක කරන “බුදු පුත් සුරක්ෂා” රක්ෂණ ක්‍රමය ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමිනි.
දේශපාලන භේද නොසලකා ශාසනය ආරක්ෂා කිරීමට අපි කටයුතු කරනවා.නගරයේ මුදල් තිබෙන නිසා නගරයේ විහාරස්ථාන දියුණු වෙනවා. නමුත් ගම්මාන තුළ මුදල් අඩුකම හේතුවෙන් එම විහාරස්ථාන දියුණු වීම අඩු මට්ටමක පවතිනවා. රජයක් ලෙස අපි නාගරික සහ ග්‍රාමීය විහාරස්ථාන සියල්ල දියුණු කිරීමට කටයුතු කළ යුතුයි.
එම නිසා අමාත්‍යාංශ හරහා විහාරස්ථාන සංවර්ධනයට මුදල් ලබාදෙන්නට අපි කටයුතු කරනවා.
රටේ වෙහෙර විහාරස්ථානවල දියුණුව වෙනුවෙන් අපේ රජය මේ වන විට වෙන් කර තිබෙන මුදල පිළිබඳව මම පසුගිය සතියේ විමසීමක් කළා. බුද්ධ ශාසන අමාත්‍යාංශය, මධ්‍යම සංස්කෘතික අරමුදල මෙන්ම මා යටතේ ක්‍රියාත්මක වන ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඇතුලූ අමාත්‍යාංශ, රජයේ ආයතන හරහා ගත වූ වසර 4 ක කාලය තුළ රුපියල් මිලියන 6200 ක් වෙන් කර තිබෙනවා.
අනෙක් සියලූ අමාත්‍යාංශ හා ආයතන හරහා බුදු සසුනේ දියුණුව වෙනුවෙන් මේ වන විට වෙන් කර තිබෙන මුළු මුදල රුපියල් මිලියන 7000 ක් පමණ වෙනවා. බුදු සසුන වෙනුවෙන් මෙතරම් මුදලක් වෙන් කළ ශ්‍රී ලංකාවේ පැවැති එකම ආණ්ඩුව අපේ ආණ්ඩුව බව මම ප්‍රකාශ කරනවා. ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ලෙස මා ඉතා ආඩම්බරයට පත් වෙනවා.”

popular news
-
Sawa Thursday, 27 June 2019 07:57 PM
බුද්ධ සාසනය දියුණු කිරීමට ඔපමණ මුදලක් වියදම් කිරීමක් අවශ්‍ය නැත , කල යුත්තේ ස්වාමීන්වන්සේලගේ මනස දියුණු කරීමට ධර්මය ප්රත්තය්ක්ෂ කීරීමට වැඩ පිළිවෙලක් කෙරීම පමණි. මුදල් වියදම් කර ඔබල කර ඇත්තේ ස්වාමින්වහන්සේලවත් නැවත ප්රුතක්ජන කර ඔවුන්ට නැවත තණ්හාව ඇතිකර ඔබල පව් පුරවා ගැනීමයි
Reply : 0 0
Champa Thursday, 27 June 2019 08:03 PM
මුදල් වෙන් කරලා තියෙන්නේ පොතේනේ. කරපුව කෝ? ඕකෙන් මෙතෙක් කොච්චර වියදම් කරලා තියෙනවද, ඒ මොනවටද? ඒ ලැයිස්තුව කෝ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

