පෞද්ගිලික අංශ සේවකයන්ගේ අවම වැටුප ඉහළ නංවයි
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වේතනය රුපියල් 10000 සිට රුපියල් 12500ක් දක්වාත් දිනක වේතනය රුපියල් 400 සිට රුපියල් 500 දක්වාත් ඉහළ නැංවීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබි තිබේ.
ඒ අනුව 2016 අංක 3 දරණ සේවකයින්ගේ අවම වේතනය පනත සංශෝධනය කිරිමට කම්කරු හා වෘත්තීය සබඳතා කැබිනට් නොවන අමාත්‍යවරයාගේ ඉල්ලීම මත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබි තිබේ.
මේ වන විට පෞද්ගලික අංශයේ අවම මාසික වැටුප හා අවම දෛනික වැටුප පිළිවෙළින් රු 10000 හා රු 400 බවට පත්කර ඇත්තේ 2016 ජනවාරි 1 වනදා සිටයි.
කෙසේ වෙතත් ජාතික කම්කරු සභාව නිර්දේශ කර ඇත්තේ වර්තමානයේ පවතින ජීවන වියදමට ගැලපෙන පරිදි පෞද්ගලික අංශ සේවකයන්ගේ අවම වැටුප රුපියල් මාසිකව රුපියල් 12500ක් හා දෛනික වැටුප රුපියල් 500ක් විය යුතු බවයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
