පොසොන් උත්සව සමයේ ප්‍රධාන නගර වල සිට අනුරාධපුර, පොළොන්නරුව, සිතුල්පව්ව, තිස්සමහාරාම, තන්තිරිමලේ සහ මහියංගණය දක්වා ලංගම බස්රථ 1000 ක් ධාවනයට එක්කරවන බව ජාතික ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා පවසයි.
සභාපතිවරයා ඒ බව පැවසුවේ අද (31) පස්වරුව් හැටන් ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමේන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපති වරයා පවසා සිටියේ පසුගිය මාස 3 ක කාලය තුළ දිවයිනේ සියළුම ඩිපෝ වලට අලූත් බස්රථ ලබාදීමත් සමඟම ආදායම් තත්වයද ඉහළ ගොස් ඇති බවයි.
පොසොන් උත්සව සමයේ ලබන මස 5 වන දින තෙක් මෙම විශේෂ බස්රථ සේවය අඛණ්ඩව පවත්වාගෙන යන බවද සභාපති වරයා පැවසීය.