පොලිස්පතිට ඉල්ලා අස්වෙන්න කියලා නෑ
(UPDATE) පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඉල්ලා අස්වීමට ජනපතිවරයා හා අගමැතිවරයා දන්වා නැතැයි නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
පොලිස්පති පූජිත් ජයසුන්රද මහතාට ඉල්ලා අස්වෙන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇතැයි යනුවෙන් පළවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
පොලිස්පති පූජිත් ජයසුන්රද මහතාට ඉල්ලා අස්වෙන ලෙසට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දන්වා ඇතැයි වාර්තා වෙයි. සති දෙකක කාලයක් තුළ ඉල්ලා අස්වෙන ලෙසට ජනපතිවරයා දන්වා ඇති බව වාර්තා වෙයි.
popular news
-
Champa Thursday, 20 September 2018 04:15 PM
අර පඟර නැට්ටගේ කතාව නම් හදපු එකක්. මම ඒ ගැන කලින් ලිව්වා. වෙන මොකක් හරි උවමනාවකට පොලිස් ලොක්කව frame කරන්න හදනව. අනිත් එක ඔය record කරපුව එක පාරට විශ්වාස කරන්න අමාරුයි. එක පැත්තකින් පොලිස් ඔත්තුකාරයෙක් පොලිසියේ ලොක්කෙක් එක්ක කතා කරපුව එයාගේ අනුදැනුමක් නැතුව record කරපු එක වැරැද්දක්. (Audio ගැන නීතියක් තියෙනව නේද) අනික ඔය වගේ, ඝාතනය කරනවා වගේ භයානක දෙයක්, ඒකේ බරපතල කම හොඳටම දන්නා ඉහලම පොලිස් ලොක්කෙක් නෙමෙයි නිකම් පුංචි සිඥ්ග්නෝ (අකුරු වැරදියි) කෙනෙක්වත් මේ වගේ පඟර නැට්ටෙක් එක්ක phone එකෙන් කතා කරයිද? එහෙම කළා කියලා ලැබෙන්නේ මොනවාද කෙලින්ම එල්ලුම් ගස් යනවා මිසක්. තව එකක්. මම මාසෙකට දෙකකට ඉස්සෙල්ල දැක්ක මාධ්‍ය හමුවක්. කෙනෙක් කිව්වා තමන්ගේ phone number එක අරගෙන වෙන කෙනෙකුට පුළුවන්ලු ඒ නොම්බරේ පාවිච්චි කරලා තමන් වගේ කතා කරන්න වෙන phone එකකින්. කෙනෙක්ට එහෙම වෙලා තියෙනවා. මිනිහෙක් එයාගේ number එකෙන් කාටද තර්ජනය කරලා. පොලිසිය ප්‍රශ්න කලාමලු දන්නේ. මේකේ demonstration එකකුත් පෙන්නුවා. වැදගත්ම දේ මේ අංකූරා මාකඳුරේ එක්ක තියෙන සම්බන්ධය හොයල බලන්න. කියන්න බැහැනේ ඩුබායි තියෙන්නේ ලංකාවේමද කියල.
Reply : 21 6
Champa Friday, 21 September 2018 09:41 AM
මං දැක්ක අර පඟර නැට්ට කියන පොලිස් ලොක්ක ගැන (නම මතක නැහැ) එක එක චෝදනා. මේ ආණ්ඩුව ඇවිල්ල අවුරුදු 3 1/2යි. මට තේරෙන්නේ නැත්තේ ඇයි ඉතින් පහුගිය ආණ්ඩුව මිනිහ ගැන කිසිම action එකක් නොගත්තේ ඔච්චර චෝදනා තියෙනව නම්? උසස්වීම් හම්බ වුනේ කොහොමද?
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
