පූර්ව ඡන්ද විමසීම් පවත්වන්න එපා- මැකොස
මේ වන විට ඇතැම් පෞද්ගලික ආයතන තුළත් උපකාරක පංති තුළත් පූර්ව ඡන්ද විමසීම් පවත්වන බවත් එය සිදුකිරීම් වළකින ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
“මේ දිනවල මැතිවරණ කොමිෂන් සභාවට නිරීක්ෂණය වී තිබෙනවා සමහර පෞද්ගලික ආයතනවල ඒ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා වූ උපකාරක පංති පැවැත්වෙන ස්ථානවල ආදර්ශ ඡන්ද විමසීම් පැවැත්වෙන බවත්, ඒවායේ ප්‍රතිඵල සමාජ ජාල මාධ්‍ය හරහා සමාජගත කරන බවත්. මෙම කාර්යයේ බැලූ බැල්මට යම් වරදක් දැකිය නොහැකි යැයි යමෙකුට හැඟී යන්නේ වුවත් ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ විධිවිධානවලට පටහැනිවන අවස්ථා ඇති බව ඒ අදාළ සියලු දෙනාටම දැනුම් දීමට කැමතියි.
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ 78 වන වගන්තියේ දැක්වෙන අයුතු බලපෑම යන වරදට, දූෂණ ක්‍රියා යටතේ ගැනෙන අයුතු බලපෑම නැමති වරදට මෙම කාර්යය අදාළ වෙනව. අනෙක් අතට සැබෑ ලෙස සමාජයේ තෝරා ගන්නා ලද සසම්භාවී නියැඳියකින් තොරව යම් ස්ථානයක සේවය කරන පිරිසක් නැතහොත් යම්කිසි උපකාරක පංතියකට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සඳහා පවත්වන මෙවැනි ආදර්ශ ඡන්ද විමසීමකින් ලැබෙන ප්‍රතිඵලය මුළු දිවයිනටම සාමාන්‍යකරණය කිරීම එය වරදක්.
ඕනෑම ඡන්ද විමසීමකදී මුළු දිවයිනේම ඡන්ද විමසීම එක් දිනකදී පවත්වා එහි ප්‍රතිඵලය එක්වර නිදහස් කරන්නේ එක් ස්ථානයක ඡන්ද ප්‍රතිඵලය අනෙක් ස්ථානයට බලනොපෑ යුතු බැවින්. උදාහරණයක් වශයෙන් තැපැල් ඡන්ද දායකයන්ගේ ඡන්ද ගණන් කිරීම ආරම්භ කරන්නේ සාමාන්‍ය ඡන්දදායකයන්ගේ ඡන්දය දී අවසන් වූවාට පසුවයි. එසේ නැතිවුවහොත් එහි ප්‍රතිඵලය අනෙකුත් ඡන්දදායකයන්ට බලපෑමක් විය හැකියි.
මේ නිසා මෙම පූර්ව ඡන්ද විමසීම පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස සියලුම නීතිගරුක යහපත් පුරවැසියන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමක් සහ සම භූමියේ කෙරෙන තරඟයක්, ඡන්ද විමසීමක්, පැවැත්වීමට නම් මෙවැනි පූර්ව පෙරහුරු ඡන්ද විමසීම් පවත්වා ප්‍රතිඵල නිදහස් කිරීමෙන් වැළකී සිටිය යුතුයි.”
popular news
-
Dayan Saturday, 26 October 2019 05:50 PM
එසේම දෛවඥයෝ මැතිවරණ ප්‍රතිපල කතා නොකළ යුථුඉ. සමහර අපේක්ෂකයන්ට කොන්ත්‍රාත් කාරයෝ ඉන්නවා. මේ කට්ටියට එක්කෝ මැතිවරණ කොමිසම බාර දිය යුථුඉ.අපරාදෙනේ මහජන මුදල් කෝටි පනහක් හෝ ඊට වැඩිය වියදම් කරන්නේ. මම හිතන්නේ දැන්වත් ගෝත්‍රික වැඩ වලින් අපි ඉවත් විය යුථුඉ. එතකම් මේ රට දියුණු කල නොහැකියි.
Reply : 0 0
Gota Sunday, 27 October 2019 02:22 AM
Konda ken thiyagen niyoga karapan thahanam kiyala. Meka me sare wanenawa බයේ Ayiyata una de mathak wela wenda.
Reply : 0 0
චමින්ද Sunday, 27 October 2019 08:00 AM
ගරු සභාපති තුමණි.මෙවර ඡන්ද පත්‍රිකාව අඩි දෙකකට වඩා දිගයි කියා ඔබතුමා කිව්වා.අපේක්ෂක සංඛ්‍යාව 35 ක් වෙනවා.ඡන්දය ප්‍රකාශකිරීමට ගියාම එය කියවා කැමති අපේකෂකයා තෝරාගැනීමට සෑහෙන වෙලාවක් ගන්න වෙනවා.ඒ වගේම තමයි ඡන්දය දියයුත්තේ කෙසේද කියා අප දැන සිටියත් එය කතිරයකින්ද නැත්නම් එක.දෙක තුන කියාද සාමාන්‍ය ජනතාව නොදැන සිටීම.මෙයට සුදුසු ප්‍රතිකරමයක් යොදනවානම් හොඳයි කියල හිතෙනවා එහෙම නොකලාම ඔබතුමා කියන ආකාරයේ දේවල් වෙන්න පුළුවන්
Reply : 0 0
sam Sunday, 27 October 2019 12:43 PM
මල මගුලක්නේ යකෝ මේක, මෙයට මෙච්චර බලයක් තියෙනවද හැමදේම පාලනය කරන්න. ගොටට තිබ්බේ ජනාදිපති කම පැත්තක තියල මේ තනතුරට ඉල්ලන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

