පුතා දුම්රියට තල්ලු කිරීමට තැත්කළ මවක් අත්අඩංගුවට
මහනුවර සිට මාතලේට යෑමට පැමිණි දුම්රියකට සිය බාල දරුවා තල්ලු කිරීමට තැත්කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මහනුවර පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම අද (04දා) පෙරවරුවේදී සිදුකර තිබේ.
දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයට ළඟාවන විට මහනුවර පොලීසිය ආසන්නයේදී සැකකාර කාන්තාව අවුරුදු 06 ක පමණ පෙනුමැති පිරිමි දරුවෙකුට පහරදෙමින් ඇදගෙන පැමිණ දුම්රියටතල්ලු කිරීමට උත්සාහ කර ඇති බවත්, මහනුවර පොලිස් ස්ථානයේ රාජකාරි සඳහා පැමිණෙමින් සිටි කාන්තා පොලිස්නිලධාරිනියක් සිදුවීම දැක වහා කි්රයාත්මක වීඑම ළමයා බේරාගෙන ඇති බවත් පොලීසිය පවසයි.
සැකකාර කාන්තාව පළාගොස් ඇතත් ඇය මහනුවරපොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. දරුවාගේ පියා නොසැලකීම හේතුවෙන් ඇයදරුවා දුම්රියට තල්ලු කිරීමට උත්සාහ කර ඇතැයි සඳහන් වෙයි.
සැකකාර කාන්තාව සහ දරුවා අද මහනුවර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

