පාස්කු ප්රහාර වාර්තාවට ජනපතිගේ විරෝධය
පාස්කු ප්රහාර පිළිබඳ වාර්තාව ඒකපාර්ශ්වීය වාර්තාවක් බව කියමින් ජනපති වාර්තාව ප්රතික්ෂේප කරයි.
පාස්කු ප්රහාරය පිළිබඳ කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලබාදුන් වාර්තාව ඒකපාර්ශ්වීය වාර්තාවක් බවත්, එය දේශපාලන වශයෙන් ඉදිරිපත් කරන ලද ද්වේෂ සහගත ලියැවිල්ලක් බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසා තිබේ.
ඊයේ (29දා) රැස්වූ කැබිනට් රැස්වීමේදී තේරීම් කාරක සභා වාර්තාව සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කර ඇති ජනාධිපතිවරයා එම වාර්තාව මුළුමනින්ම ප්රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.
අදාළ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සාකච්ඡා කිරීම පමණක් සිදුකළ බවත්, එය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ වාර්තාවක් ලෙස කිසිලෙසකින් හෝ නොසලකන ලෙසත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

popular news
-
නලින් Wednesday, 30 October 2019 09:18 AM
පාර්ලිමේන්තු වාර්තාවක් කැබිනට් එකට කොහෙත්ම අදාළ වෙන්නැහැ කියලාවත් මෙතුමා දන්නැද්ද?
Reply : 0 0
dilal Wednesday, 30 October 2019 12:58 PM
බොහෝ දෙනා පුදුමවන්නේ එකපාර්ශිකව ඔබතුමාට ආණ්ඩුව ලබාදෙන විශ්රාම වැටුප් හා දීමනා පැකේජයට ඔබතුමා එකගවීම ගැනයි.
Reply : 0 0
Lion Wednesday, 30 October 2019 01:48 PM
පව් නොදී ඔය දවස් 17 ගතකරලා ඔතනින් චුතවෙලා යන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

