පාස්කු ප්‍රහාරකයින්ට මරණ දඬුවම දිය යුතුයි - ජනපති
අප්‍රේල් 21 දා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සෑම අයෙක්ම මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඒ අයට විරුද්ධව පරික්ෂණ අඛණ්ඩව සිදුවන බවත්, ඔවුන්ට එරෙහිව පැහැදිළි සාක්ෂි තිබෙන අතර නිති පොතට අනුව ඔවුන්ට ද මරණීය දණ්ඩනය හිමි විය යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මෙරට අපරාධ නීතියට අනුව මිනී මැරුමකට, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට මෙන්ම ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා ද වැරදිකරුවෙකු වුවහොත් මරණීය දණ්ඩය හිමිවන අතර මරණීය දණ්ඩය අහෝසි කිරීමට ආණ්ඩුවේ ඇතැම් පිරිස් ගන්නා උත්සහය තුළින් එම කිසිදු අපරාධකරුවෙකුට දඩුවම් ලබාදීමට නොහැකි වන බව ද ඔහු පැවැසීය
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පැළෑද රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද සර්වඥ ධාතු මන්දිරය, පුස්තකාලය සහ ධර්ම මන්දිරය සඝ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවයට ඊයේ (16දා) පස්වරුවේ එක් වෙමිනි.
මරණීය දණ්ඩනය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට වන සූදානම අප්‍රේල් 21දා මහා විනාශයක් සිදු කරමින් 300කට ආසන්න අහිංසක ජනතාවගේ ජීවිත උදුරාගත් ම්ලේච්ඡ ත්‍රස්තවාදී කි‍්‍රයාවට අදාළ වගඋත්තරකරුවන්ට හිමිවිය යුතු දඩුවම වළක්වාලීමට ද ගන්නා උත්සාහයක් බව තමා විශ්වාස කරන බවත් ජනපතිවරයා පැවැසීය.

popular news
-
Kamal Senadeera Wednesday, 17 July 2019 08:40 AM
සියලුම දෙනාට ... ඇතුලත්ව
Reply : 0 0
dayan Wednesday, 17 July 2019 09:51 AM
මොකද මැරීමේ පිපාසයෙන් පෙළෙන්නේ?
Reply : 0 0
රජින්ද Wednesday, 17 July 2019 02:59 PM
අම්මෝ මේ වගේ කටින් බතල හිටවන මනුස්සයෙක් මගේ මුළු ජීවිතකාලෙටම දකලානම් නැහැ. ඉස්සර ගම්වල උන්නා කයිවාරු කාරයෝ, මෙයත් එක්ක බලනකොට ඒ මිනිස්සු කැලේ.
Reply : 0 0
Champa Wednesday, 17 July 2019 03:47 PM
හා හා දෙමුහුන් එල්ලුම් ගහක් ගෙනල්ල පාස්කු ප්‍රහාරය නිසා සිදුවූ මරණ වල ප්‍රධාන විත්තිකරුවන් වන ජනාධිපති සහ අගමැති විහින් එල්ලුම් ගහ විවෘත කල යුතුයි.
Reply : 0 0
Ruwan Wednesday, 17 July 2019 04:11 PM
රුවන් කාශ්‍යප මොකද ප්‍රතිචාර පල නොකරන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

