එක ළඟ දෙවරක් ඉන්ධන මිල වැඩි කෙරුවද පාසල් සිසු ප්‍රවාහන ගාස්තු වැඩි නොකරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන රථ සංගමය අද (2) අම්බලන්ගොඩ පැවති මාධය හමුවකදී අනාවරණය කළේය.
පාසල් අවසන් වාරය නිමවීමට ඇත්තේ තවත් දින කිහිපයක් නිසා සිය සංගමය මේ තීරණයට එළඹි බව මෙහිදී සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන රථ සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා කීය.
කෙසේ නමුත් ඊළඟ මාසයේ ඉන්ධන මිල වැඩිවුවහොත් අනිවාර්යයයෙන්ම පාසල් සිසු ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට සිය සංගමයට අකමැත්තෙන් වුවද සිදුවෙන බවද ප්‍රසාද් මහතා කීය.
දිගින් දිගටම ඉන්ධන මිල වැඩිවුවද සිය සංගමය පාසල් සිසු ප්‍රවාහන ගාස්තු මෙතෙක් වැඩි නොකර බවද ප්‍රසාද් මහතා මේ මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් කීවේය.
මේ අවස්ථාවට සහභාගීවූ සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ ප්‍රධාන සංවිධායක රුවන් ප්‍රීති කුමාර මහතා ද අදහස් දැක්වීය.