පාර්ලිමේන්තුව නොසන්සුන් හෙට 10.30ට කල් තබයි
පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තව හෙට පෙ.ව. 10.30 දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය.
අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳව ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් මෙම නොසන්සුන්කාරී ත්ත්වය ඇතිවිය.
ඒකාබද්ධ විපක්ෂ ඒ සඳහා දිනයක් අද ම ලබාදෙන ලෙස සඳහන් කළ අතර කථානායකවරයා සඳහන් කළේ හෙට පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඒ පිළිබඳව තීරණය කළ හැකි බවයි.
ඉන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් සභාව මැදට පැමිණ විරෝධතාවයේ නිරතවීමත් සමග සභාව කල් දැමීමට කථානායකවරයා කටයුතු කළේය.

popular news
-
Champa Wednesday, 22 May 2019 06:03 PM
ඔක්කොම එකතු වෙලා පට්ට බොරුවක් කරන්නේ. ලංකාවට අලුත් දේශපාලන නායකයෙක් විතරක් නෙමෙයි අලුත් දේශපාලන පක්ෂයකුත් ඕනේ කරලා තියෙනව. හැබැයි මේ දේශපාලකයෝ මුල් බැහැල තියෙන්නේ. ඔවුන් හැමෝම එකිනෙකා ආරක්ෂා කරනවා. මේ පුස්කාපු දේශපාලන ක්‍රමය නැති කරන්න ඊට එරෙහිව නැගී හිටින්න කොන්දක් තියෙන මිනිහෙක් ඉස්සරහට එන්න ඕනේ. ඉතිහාසය පුරාම බැලුවොත් සිංහලයන්ට කවදාවත් නායකත්වයෙන් අඩුවක් තිබ්බේ නැහැ. කවුරුම හරි ඉන්නවා. හැබැයි දැන්නම් නන්නත්තාර වෙලා. දැන් ට්‍රිලියන් 11ක් ණයලු. ගෙවන්න බැරි බව දැන දැනම තව තව ණය ගන්නවා. හැබැයි ඔය ණය කන්දරාව ගෙවන්න විදිහක් තියෙනවා. මේ යක්කුන්ට දන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

