පාන් හා කෙටිකෑම මිල රු. 5කින් ඉහළට
ඔක්තෝබර් මස 30 දින මධ්යම රාත්රී 12.00 පැයේ සිට ග්රෑම් 450 ක පාන් ගෙඩියක මිළ සහ අනෙකුත් සියලුම කෙටි කෑම වල මිළ රුපියල් 05.00 න් ඉහළ නැංවීමට තම විධායක සභාවේ තීරණය මත සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා 10/30 උදෑසන රද්දොළුගම එම සංගමයේ මූලස්ථානයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.
මෙරට තුළ පාන් පිටි අලෙවි කිරීමේ නිරත සමාගම් විසින් ඉකුත් 10/20 දින මධ්යම රාත්රී සිට පිටි මිළ රුපියල් 13.00 න් ඉහළ නැංවීමට පියවර ගෙන තිබූ අතර , ඒ පිළිබද ශ්රී ලංකා පාරිභෝගික අධිකාරියේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් සමන්තා කරුණාරත්න මහත්මියගෙන් විමසූ විට , එසේ පාන් පිටි මිළ තම අධිකාරිය වෙත නොදන්වා ඉහළ නැංවීම වැරදි බවත් , වෙළද අමාත්යවරයා විදේශ ගත වී සිටින බැවින් , ඔහු පැමිණෙන තෙක් බේකරි නිෂ්පාදන වල මිළ ගනන් ඉහළ නැංවීම සිදු නොකරන ලෙසත් ඉල්ලීමක් කර තිබූ බව සභාපති ජයවර්ධන මහතා අනාවරණය කළේය .
එහෙත් පාන් පිටි මිළ ඉහළ නැංවීමට සාපේක්ෂව තම බේකරි නිෂ්පාදන වල මිළ ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස රට පුරා තම සාමාජිකයන් දැඩි බලපෑමක් තමන් වෙත සිදු කළ බව සභාපතිවරයා පැවසීය . ඒ අනුව රජයේ ඉල්ලීමට තම සංගමය දින 10 ක් පුරා ඇහැම්කන් දුන් බවත් , මේ වනවිට අමාත්යවරයාද පැමිණ සිටින බවත් ජයවර්ධන මහතා පැවසීය .
මැදපෙරදිග යුධමය වාතාවරණය සහ ලෝකයේ අයහපත් දේශපාලන වාතාවරණය හමුවේ තවදුරටත් පාන් පිටි මිළ පහත හෙලීම දුෂ්කර කාර්යයක් වී ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය .
එනිසා තම සංගමය කනගාටුවෙන් වුවත් 10/30 දින මධ්යම රාත්රී 12.00 පැයේ සිට ග්රෑම් 450 ක පාන් ගෙඩියක මිළ ඇතුළු අනෙකුත් කෙටි කෑම වල මිළ ද රුපියල් 05.00 න් ඉහළ නැංවීමට තීරණය කළ බව සමස්ථ ලංකා බේකරිය හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

