පස්සර අනතුරින් දෙමාපියන් අහිමි වූ දරු තිදෙනාට මවක් හා පියෙක් වෙයි
පස්සර 13 කණුව ප්‍රදේශයේදි පසුගියදා සිදුවු බස් රථ අනතුරින් මිය ගිය යුවලකගේ දරුවන් තිදෙනාට මවක හා පියෙකුගේ රැකවරණය ලබාදීමට අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ වසංගත රෝග පිළිබද විශේෂඥවරයෙකු හා ඔහුගේ බිරිද වන ගුරුවරියක ඉදිරිපත්ව තිබේ.
ලුණුගල අඩාවත්ත උඩපංගුව ගමේ කුළී නිවසක පදිංචිව සිටි අන්තෝනි සාමි නෝවා (32) හා බෙනටි මැඩෝනා (31) නැමති අඹූ සැමි යුවල වෛද්‍ය ප්‍රතිකාර සදහා බසයේ බදුල්ල බලා යන අතරතුර සිදු වු අනතුරින් මිය ගියාය.
මව හා පියා මිය ගිය පසු අවුරුදු නවය,අට හා අවුරුදු තුනක් වයසති දරුවන් තිදෙනා අන්ත අසරණ විය. දරු තිදෙනාගේ පිහිටට ඉතිරි වුයේ වයසක අයි.සෙල්වනායගම් නැමති මිත්තනිය පමණි, මිත්තනියටද දරුවන් රුක බලා ගැනීමේ වගකීමක් දැරීමට මානසකත්වයක් නොතිබිණ.
බාල වයස්කාර දරු තිදෙනා පත්ව සිටින අසරණත්වය මාධ්‍ය මගින් දුටු විශේෂඥ පාලිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිද වන තරංගා සදමාලි වික්‍රමරත්න ඉදිරිපත් විය. නිතියානුකුලව දරුවන් බාරගෙන තමන්ගේම දරුවන් ලෙස රැක බලා ගැනීමට මේ දෙදෙනා ඉදිරිපත් විය.

පස්සර අනතුරින් මිය ගිය යුවළ

පස්සර අනතුරින් මිය ගිය යුවළගේ දරුවන් තිදෙනා

දරුවන් බලා ගැනීමට ඉදිරිපත් වූ වෛද්‍යවරයා හා ගුරුවරිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

