පාසල් ආපනශාලා සහ දිවා ආහාර වැඩසටහන පවත්වාගෙන යාමට උපදෙස්
කොවිඩ් තත්ත්වයෙන් පසු දිවයිනේ සියලුම පාසල් 1-13 ශ්‍රේණි දක්වා අද (08) සිට විවෘත කිරිම සිදුවු අතර ඊට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට යටත්ව සියලු පාසල් පැවැත්වීමට හා ඊට සමගාමීව පාසල් තුළ දිවා ආහාර වැඩසටහන සහ පාසල් ආපනශාලා පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් පාසල් බලධාරීන් දැනුවත් කිරීමට හා නියාමනය කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත මේ වනවිටත් දැනුම් දී තිබේ.
ඒ අනුව, රෝග වැළැක්වීමේ සහ නිවාරණ ක්‍රම පිළිපදිමින් 2020-09-14 දින සිට පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාවට නැංවීමට අවසර ලබා දී ඇත. එමෙන්ම, පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීම සහතික කිරීමේ ක්‍රියාවලියක් අනුගමනය කරමින් පාසල් ආපනශාලා පවත්වාගෙන යාමට ද නිර්දේශ ලබා දී තිබේ. කෙටි විවේක කාලය තුළ පාසල් ආපන ශාලාවලට සිසුන් විශාල වශයෙන් පැමිණීම වැළැක්වීම සඳහා විදුහල්පතිවරුන්, හා ගුරුමණ්ඩලය විසින් අවශ්‍ය පියවර ගත යුතුය.
උදෑසන කාලයේ දී පන්තිවලින් ඇණවුම් ලබාගනිමින්, එම ඇණවුම් අනුව පන්ති මට්ටමින් ආහාර බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම හෝ එවැනි වෙනත් වැඩපිළිවෙළක් මගින් සිසුන් එක්රොක්වීම වැළැක්වීමට හැකිනම් පමණක් විදුහල්පතිවරුන් විසින් තම විද්‍යාලයන්හි ආපනශාලා විවෘත කර 2020-09-14 දින සිට පවත්වාගෙන යායුතු බව ද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

popular news
- 
                            
dhamneth Wednesday, 09 September 2020 02:30 PM
yunisef ayathanaya kiyanne pasal daruwanta gedarin honda posyadayaka aharayak pasalata gena emata demapiyan danuwath karana ekayi .ehema nathuwa daruwanta pasale apanasalawen ahara ganimata purudu nokalayuthuyi.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                