පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 5ට පසුව විශ්‍රාම වැටුප් දීම සුදුසු නෑ
ජනතා නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීවරුන්ට වසර පහකට පසු විශ්‍රාම වැටුප් ලබා දීම යෝග්‍ය නොවන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියෝ පැවසූහ.
පාර්ලිමේන්තු ආපනශාලාවේ මැති ඇමතිවරුන් ගේ වසරක කෑම වියදම රු කෝටි 12ක් බවට මාධ්‍ය වාර්තා කර තිබූ බවත් මෙවැනි අනවශ්‍ය වියදම් කපා හැර රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීමට කටයුතු කළ යුතුව තිබෙන බව උන්වහන්සේ සඳහන් කළහ.
භිනවයෙන් තේරී පත්වූ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා ඊයේ (05) උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ අනුනාහිමියෝ එසේ පැවැසූහ.
රට පවතින තත්වයෙන් ගොඩ ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවංක උවමනාවක් තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවත් ඔහුගේ තීරණ සමඟ රටේ බහුතර ජනතාව එකඟ වන බවත් අනුනා හිමියෝ සඳහන් කළහ.
මත්කුඩු වලින් රට මුදා ගැනීමට මෙතෙක් බලයේ සිටි කිසිදු නායකයෙකුට අවංක උවමනාවක් නොතිබුණ බවත් ජනපතිගේ නායකත්වය යටතේ මත්කුඩු රටෙන් අතුගා දැමීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් අනුනාහිමියෝ අවධාරණය කළහ.
පෞද්ගලික උත්සව වලට සහභාගිවීමට ජනාධිපතිවරයාට කාලයක් නොමැති නිසා එවැනි උත්සව වලට ආරාධනා නොකරන ලෙස කළ ඉල්ලීම ඉතාම වටිනා එකක් බවත් එය සියලු නායකයන්ට ආදර්ශයක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.
ෂේන් සෙනෙවිරත්න

popular news
- 
                            susantha jayawikrama Monday, 07 September 2020 05:36 AM me aththo thamayi palakayan geth palakayo.....sanga saba,katolika saba walin palanayak one nenam chandayakata yanna. Reply : 2 0 Champa Tuesday, 08 September 2020 07:44 PM ඒ වගේම පාර්ලිමේන්තු සැසිවාර වලට සහභාගී වෙනවට එක දිනකට ගෙවනව කියන රුපියල් 2500 දීමනාවත්, පාර්ලිමේන්තු ආහාර සලාකයත් අහෝසි කරන්න ඕනේ. Reply : 0 1 Champa Tuesday, 08 September 2020 08:30 PM පූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක හිමියන් කල ප්‍රකාශය අගය කරනවා. නමුත් මත්කුඩු වලින් රට මුදා ගැනීම කියන එක ලංකාවේ ජනාධිපතිවරුන්ගේ ජනප්‍රිය තේමාවක්. එකම වෙනස මේ තේමාවට විවිධ නම් යොදා ගැනීම. මේ වතාවෙත් එහෙමයි. තැන තැන කුඩු අල්ල අල්ල, ප්‍රචාරය දී දී මත්ද්‍රව්‍ය වලින් රට මුදා ගන්න බැහැ. කරන්න ඕනේ ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර පිලිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීම. මේ ගැන අවුරුදු ගානක් තිස්සේ ලියල තියෙනව. අදත් ලියනවා. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින් 2018 වර්ෂය සඳහා නිකුත් කල මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ අලුත්ම අත්පොත අනුව; 2018 වර්ෂයේදී මත්ද්‍රව්‍ය සම්බන්ධව 98,752 ක් අත් අඩංගුවට අරන් තියෙනව. 2018 දී, මෙයින් සියයට 61ක්ම අත් අඩංගුවට අරන් තියෙන්නේ බස්නාහිර පළාතෙන්. 2017ත් සියයට 61ක් බස්නාහිර පලාතෙන්. 2016 දී සියයට 60ක් බස්නාහිර පලාතෙන්. 2015දීත් සියයට 60 ක් බස්නාහිර පලාතෙන්. 2014 දීත් සියයට 61ක් බස්නාහිර පලාතෙන්. 2019 සහ 2020 ගැන තවම දන්නෙ නැහැ. මත්ද්‍රව්‍ය උවදුරින් හැබෑවටම ලංකාව මුදා ගන්න හිතනවා නම් අතන මෙතන කුඩු අල්ල අල්ල හරි යන්නේ නැහැ. ඒක හොඳයි බාල ජනප්‍රියත්වය සඳහා. හරියට සිරිසේන ජනාධිපති කළා වගේ. Reply : 0 1 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                