පාරිභෝගිකයන් ලක්ෂ 20කට LED බල්බ පරිහරණයට නොහැකිවෙලා

පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 20කට එල්.ඊ.ඩී. බල්බ පරිහරණය කිරීමට නොහැකි වී ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දෙයි.
අධික මිලක් සටහන් කරමින් එල්.ඊ.ඩී. බල්බ වෙළෙඳ පොළේ අලෙවියට තබා ඇති බැවින් ඔවුන් සාමාන්‍ය විදුලි බල්බ භාවිත කිරීමට පෙළඹී සිටින බවද ඇමතිවරයා සඳහන් කළේය.
මෙම තත්ත්වය මත විදුලි ඒකක 90 කට අඩුවෙන් පරිහරණය කරන පාරිභෝගිකයන්ට සහනදායී මිලට එල්.ඊ.ඩී. විදුලි බල්බ ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන බවත්, මනු කියවන නිලධාරියා මගින් ඉදිරියේ එම බල්බ මිලදී ගැනීමට හැකිවන බවත් ඒ මහතා පැවසීය.
මේ අනුව ලංකා විදුලිබල මණ්ඩලය මගින් විවෘත ජාත්‍යන්තර මිල ගණන් කැඳවීම් මගින් විදුලිය පිරිමසින එල්.ඊ.ඩී. විදුලි බල්බ කෝටියක් මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
සාමාන්‍ය විදුලි බුබුළකට වඩා එල්.ඊ.ඩී. විදුලි බුබුළක් භාවිත කිරීමෙන් 60%කට වඩා විදුලි ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බැවින් රටේ වැඩියෙන්ම විදුලිය වැයවන අවස්ථාවේදී මෙම බල්බ පාවිච්චි කිරීම තුළින් මෙගාවොට් 304ක විදුලි ධාරිතාවක් ඉතිරි කර ගැනීමට හැකිවන බවද හෙතෙම කීය.
නොරොච්චෝල බලාගාරය තුළින් මෙගවොට් 900ක විදුලි ධාරිතාවක් නිෂ්පාදනය වුවද එල්.ඊ.ඩී. බල්බ කෝටියක් පරිහරණය කිරීමෙන් රටේ මුදල් වියදම් නොකර මෙගාවොට් 300ක් වැනි ප්‍රමාණයක් ඉතිරි කරගත හැකිවීම විදුලිබල මණ්ඩලය ලබන ජයග්‍රහණයක් බවද රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේය.
popular news
-
dhamneth Monday, 24 September 2018 02:05 PM
විදුලි ප රිබෝජය අඩුකර විදුලිය පිරිමසාගැනිමටනම් සහන මිලට එල්.ඉ.ඩී විදුලි බල්බ් දිය යුත්තේ විදුලිය වැඩියෙන් පරිභෝජනය කරන අයට නේද?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

