ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ බවත් පුවත්පතකට සම්බන්ධව කටයුතු කළ බවත් අද පැවසීය. ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය වෙනුවෙන් අද(02) කොළඹදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල මහතා පැවසුයේ මාධ්‍යවේදීයකු ජනාධිපතිබවට පත්වු බැවින් මෙරට ජනමාධ්‍යවේදීන්ට සතුටුවිය හැකි බවය.
ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
මමත් ඉස්සර පත්තරකාරයෙක්. ජනමාධ්‍යවේදී කියන වචනය ආවේ පසුවනේ. මුල් කාලේ පත්තරවලට ලියන අයට පත්තරකාරයෝ කියලා තමයි කිව්වේ. 70 – 77 ආණ්ඩු කාලේ අවුරුදු තුනක් විතර ලේක්හවුස් ආයතනයේ ප්‍රාදේශීය වාර්තාකරුවෙක් විදිහට කටයුතු කළා. ඒ වෙන රස්සාවක් කරන ගමන්. ඒනිසා මේරටේ මාධ්‍යවේදීන්ට සතුටුවෙන් පුළුවන් මාධ්‍යවේදියෙක් පත්තරකාරයෙක් මේරටටේ ජනාධිපති උනා කියලා.