පැතිරි යන කොරෝනා වෛරසයට මුහුණදිම සදහා ආරක්ෂිත පියවරක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කොළන්නාවේ අයි.ඩි එච් රෝහලේ වාට්ටුගණනාවක් මේ සදහා වෙන්කිරිමට කටයුතු කර ඇති බැව් ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ සභානායක හා විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන හා රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි
අද (26) ගාල්ලේ පැවති උළෙලකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය,
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
ශ්‍රි ලංකාවේ ගුවන්තොටුපළේ මේ වනවිටත් විශේෂ පරික්ෂණ යන්ත්‍ර සවිකරලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයෙන් එමෙන්ම කොළන්නාවේ අයි.ඩි එච් රෝහලේ වාට්ටු ගණනාවක් මේ සදහා වෙන් කිරිමට ජනාධිපතිතුමා නියෝගයක් දිලා තියෙනවා. අපේ රටේ අයට පමණක් නෙවෙයි අපේ රටට පිටරටින් පැමිණෙන අයටද මේ පරික්ෂණයට ලක්වෙනවා. චිනයට පමණක් නෙවෙයි වෙනත් රටවලත් වෛරසය මතුවෙලා තියෙනවා. හදිසි තත්ත්වයක් යටතේ මිස මුළු ප්‍රදේශයට බාහිරව චිනයේ වැදගත් නගර රාශියක් තියෙනවා ඒ සදහා යාමට බලාපොරොත්තුවෙන් සිටින අය බොහොම ප්‍රවේශමෙන් කටයුතු කිරිම තමයි වැදගත් වෙන්නේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ පිළිබඳ සැලකිල්ලට භාජනය කොට කරනු ලැබු සාකච්ඡාමය නියෝගයක් නිකුත් කරලා තියෙනවා එම ප්‍රදේශවලින් චිනයේ සිට ශ්‍රි ලංකා සිසු සිසුවියන්ට නැවත රටට පැමිණිමට වහාම අවස්ථාව සලසාදිමට පියවර ගන්නා කියලා. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශය චිනයේ තානාපති කාර්යාල සමග සෞඛ්‍ය අමාත්‍යංශයත් ගුවන්සේවා අමාත්‍යංශයත් දැනට ඒ වැඩකටයුතු අමාත්‍යංශ හරහා ආරම්භ කොට තියෙනවා. චින රජය ඒ සියලු අයට ආරක්ෂාව සලසාදිමේ මුලික කටයුතු දිගටම කරගෙන යනවා.
ගුවන්මගින් ඒ අය මෙරටට ගෙන්වා ගැනිම සදහා වැඩපිළිවෙල හෙට දිනයේ සිට ආරම්භවිමට අවශ්‍ය කටයුතු ගුවන්කටයුතු අමාත්‍යංශයෙන් සැලසුම්කරගෙන තියෙනවා. එක අපිට කරන්න පුළුවන් ඒ වියදම් රජය දැරිමට සුදානම් බවත් ප්‍රකාශ කරනවා.
අපේ රටේ සිසු සිසුවියන් පමණක් නොව විශාල සංඛ්‍යාවක් මේ පැතිරියන වෛරසයට මුහුණ දෙමින් සිටිනවා යැයි ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.