පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉඩම් හා මැතිවරණ කාර්යාලය වසා දමයි
පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ ඇති දිස්ත්‍රික් මැතිවරණ හා ඉඩම් රේජීස්ට්‍රාර් කාර්යාලය වසා දැමු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා අද ( 16 ) දින පැවසිය .
දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසා සිටියේ කොවිඩ් 19 ආසාදිතයකු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නිලධාරියකු ඇසුරු කිරිමත් සමග සෙසු නිලධාරින්ගේ හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම කාර්යාල අද දින සිට වසා දැමු බවයි.
පුත්තලම තිල්අඩිය පදිංචි මැතිවරණ කාර්යාලයේ නිලධාරියකු මෙසේ කොවිඩ් ආසාදිතයකු ඇසුරු කර ඇති බවත් මේ හේතුවෙන් අදාල නිලධාරියා ජෛව පටල සාම්පල පරික්ෂාවකට යොමු කර සනාථ කර ගන්නා තුරු මෙම කාර්යාල වසා දමන බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසිය.
අදාල කාර්යාල වසා දැමිමට පෙර අදාල කාර්යාල ඒකක විෂබිජහරණය සිදුකිරිමට කටයුතු කර තිබුනී.
දිස්ත්‍රික් ලේකම්වරයා පවසා සිටියේ දිස්ත්‍රික් මැතිවරණ ඒකකය වසා දැමිමත් සමග එම කාර්යාල ආසන්නයේම පිහිටි දිස්ත්‍රික් ඉඩම් රේජීස්ට්‍රාර් කාර්යාලයද වසා දමා තිබුනේ අදාල නිලධාරියා එම ඉඩම් අංශයේ නිලධාරින් ද ඇසුරු කිරිම සැලකිල්ලට ගනිමින් බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

