පොඩිලැසිගේ නඩුව මැයි 07 දක්වා කල්යයි
ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුට ප්රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම සම්බන්ධයෙන් දෙවැනි චුදිතයා ලෙස නම්කොට සිටින අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි නමැත්තාට එරෙහිව විභාගවන නඩුව මැයි මස 07 වැනිදින දක්වා දක්වා කල්තැබිමට ගාල්ල ප්රධාන මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (29) නියෝග කළේය.
නිතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඉදිරි ප්රගතිය වාර්තාකිරිමට කටයුතු කරණ බව අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුව වෙනුවෙන් පැමිණි නිලධාරිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
මෙකි නඩුවේ පළමු චුදිතයා ලෙස නම්කොට සිටින අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩිලැසි හා පළමු චුදිතයා ලෙන නම්කොට සිටින කොස්ගොඩ තාරක නැමැත්තා අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුව යටතේ රදවාගෙන විමර්ශන කටයුතු සිදුකරගෙන යති.
කොරෝනා වසංගත තත්වය හමුවේ පොඩිලැසි අද (29) අධිකරණයට ඉදිරිපත් කිරිම සදහා රැගෙන එනු නොලැබිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                