පාඨලිගේ සිහිනය කියයි
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා දෙමටගොඩ ආරාමය පෙදෙසේ‘සියපත් සෙවණ’ නිවාස සංකීර්ණයේ දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඔහු ප්‍රකාශ කර සිටියේ,
‘1958 බණ්ඩාරනායක රජයේ පටන් 2014 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලනය දක්වා කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ලබාදී තිබෙන්නේ 9,889යි. විශේෂයෙන්ම අපි එතනදි මතක් කළ යුතුයි රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා, ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන සමයෙත් විශාල නිවාස ප්‍රමාණයක් එකතු උනා.
නමුත් නිවාස ලබාදී තිබෙන්නේ 58 සිට 2014ට නිවාස 9,889 යි. නමුත් මෙම රජය යටතේ අපි 2019 වනවිට නිවාස 15,799ක වැඩ කටයුතු නිම කරන්න කටයුතු කරන බව කිව යුතුයි. ඒ වගේම 2020 වනවිට නිවාස 20,000ක වැඩ කටයුතු නිම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. 2024 වනවිට අපේ බලාපොරොත්තුව කොළඹ පැල්පත් නැති ශක්තිමත් නගරයක් බවට පරිවර්තනය කිරීමයි. ඒ ප්රශ්නය සඳහටම විසඳන්න අපි කි‍්‍රයා කරනවා. අපි ඉතාමත් විශාල ණය බරක, ණය ගිණිකන්දක තිබෙන අවස්ථාවක තමයි අපි මේ ප්රශ්නය විසඳන්න මැදිහත් වෙලා තිබෙන්නේ.

popular news
-
Champa Wednesday, 23 January 2019 05:01 PM
ඉතිහාසය ගැන කියනව නම් හරියට කියන්න ඕනේ. 1970 සිට 1990 දක්වා සිංහල ජේවීපී භීෂණයත් 1974 සිට 2009 දක්වා දෙමල ත්‍රස්තවාදයත් මේ රට බිලි අරන් තිබුන. රටේ සංවර්ධන කටයුතු සිද්ද වුනේ නැහැ. තිබ්බ සල්ලි ඔක්කොම යුද්ධෙට වැය කරන්න වුනා. ඉස්සෙල්ල රටට සාමය ගෙනත් දීල ඊට පස්සේ මහින්දට රට හදන්න පුළුවන් වුනේ 2010 ඉඳන් 2014 අග දක්වා විතරයි. මේ රටේ උපන්, ඉපදෙන්න ඉන්න හැම කෙනෙක්ම මහින්දට සදහටම ණය ගැතියි. දේශපාලන කුහකකම් නැතුව මහින්දට ලැබිය යුතු ගෞරවය දෙන්න මහින්ද හින්ද නමක් හදා ගත්ත ඔබට පුළුවන් වෙන්න ඕනේ. මහින්ද ත්‍රස්තවාදය නැති කරපු නිසා තමයි මේ ආණ්ඩුවට ඔහොම මොනවා හරි එකක් දෙකක්, වැඩිපුර මේ කතාවේ තියෙන්නේ ඊළඟට හදන්න හදන ගෙවල් ගැන. ලංකාවේ මෑත කාලීන ඉතිහාසය පටන් ගන්නේ 2009න් පස්සේ. ත්‍රස්තවාදයත් නැති කරලා රට වෙනුවෙන් 2005 ඉඳන් 2014 අග වෙනකම් මහින්ද කරපුවයින් සියයට 0.000001% ක් වත් සාමකාමී වාතාවරණයක මේ ආණ්ඩුව කරලා නැහැ. අනික ත්‍රස්තවාදය තිබූන කාලේ සංචාරකයෝ ආවෙත් නැහැ. යුද්දෙට වැය කරපු සල්ලි මහින්ද ඉතුරු කරලා දුන්න හින්ද පස්සේ ආපු ආණ්ඩුව ගොඩ. ඒ හින්ද දෙයියො නැති තැන යක්කු පිනුම් ගහන කතා වලින් වැඩක් නැහැ.
Reply : 4 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

