පක්ෂ තීරණය අනුව අර්ජුණ එජාප නායකත්වයට සූදානම්
පක්ෂය තීරණය කරන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ නායක්තවය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය.
මහර එක්සත් ජාතික පක්ෂ කාර්යාලයෙ පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය.
"කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඇහුවා කවුද මේකට කැමති කියලා. හතර දෙනෙක් කැමැත්ත ප්‍රකාශ කළා. මගේ නමත් යෝජනා කළා. ඒ යෝජනාවල් ඇතුළේ මම කිව්වේ පක්ෂය කැඩෙන්නැති ඕනෑම දෙයක් ඉදිරියට ගෙනියන්න මගේ දායකත්වය ලබා දෙන්වා. පක්ෂය තීරණය කරනවානම් මට මේක භාර දෙන්න ඕන කියලා. මම භාර අරගෙන යනවා.
හැබැයි මම සල්ලිකාරයෙකුත් නෙමෙයි. මුදලාලිලා පස්සේ ගිහින් සල්ලි හොයන්න පුළුවන් පුද්ගලයෙකුත් නෙමෙයි හැබැයි මම දන්නවා මිනිස්සු අතරට ගොස් පක්ෂය ගොඩ ගන්නේ කොහමෙද කියලා.
ඒක කරන්න පුළුවන් බව මම දන්නවා. මම ඒකට කෑදර වෙන්නේ නෑ.
මොකද මට මගේ තානාන්තරයට වඩා මගේ පැවැත්මට වඩා මේ සාමාජිකයන් වෙනුවෙන් මගේ කැපවීම මට බලාපොරොත්තු වෙන්න පුළුවන්.
එහෙම නැතිව මට ඕන පක්ෂය භාර ගන්න නෙමෙයි. මට ඕන ගමේ මිනිහට යූ.ඇන්.පී. කාරයට අද රිදිලා තියෙනවා. ඒ මිනිස්සු එකතු කරගෙන ඒ මිනිස්සු භාර අරගෙන අපි ඉදිරියට යන්න ඕන.
popular news
-
Kumar Sunday, 30 August 2020 09:07 PM
A decent choice. Better than the man who lead his party to a historic loss. A person who cannot win his own seat in the legislature is a real loser. Oh yes, that was a historic loss at the last election.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

