නෙතන්යාහු පෙරමුණ ගත්තත් තවමත් බහුතරය නෑ
ඊශ්රායල මහ මැතිවරණයේ මේ දක්වා නිකුත් කර ඇති ප්රතිඵලවලට අනුව අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු තම ප්රතිවාදියා වන හිටපු හමුදා ප්රධානී ගාඩි අයිසන්කොට් අභිබවා ඉදිරියෙන් සිටින නමුත්, පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට ඔහුට තවමත් නොහැකි වී තිබේ.
ඡන්දවලින් 85%ක් ගණන් කර අවසන් වන විට, නෙතන්යාහුගේ 'ලිකුඩ්' (Likud) පක්ෂය සහ එහි අන්ත දක්ෂිණාංශික මෙන්ම අන්ත ගතානුගතික යුදෙව් මිත්ර පක්ෂ, ඊශ්රායල පාර්ලිමේන්තුවේ (Knesset) ආසන 120න් 53ක් දිනා ගැනීමට සමත්ව තිබේ.
අයිසන්කොට්ගේ 'යාෂාර්' (Yashar) පක්ෂය සහ ඔහුගේ කණ්ඩායමේ සිටින තවත් යුදෙව් විපක්ෂ පක්ෂ තුනක් ආසන
48ක් දිනා ගැනීමට සමත්ව ඇත.නායකයින් දෙදෙනාම ප්රකාශ කර ඇත්තේ, හවුල් රජයක් පිහිටුවීමට තමන් උත්සාහ කරන බවයි.
අරාබි ජාතිකයන් නායකත්වය දෙන පක්ෂ, පෙර නොවූ විරූ ලෙස ආසන 19ක් දිනා ගැනීමට සමත්ව ඇති අතර ඒ අනුව ප්රධාන පක්ෂ දෙකට රජයක් පිහිටුවීමේ මෙම පක්ෂ තීරණාත්මක සාධකයක් (kingmakers) බවට පත්විය හැකිය.
කෙසේ වෙතත්, යුදෙව් පක්ෂ අතුරින් එක් පක්ෂයක් හැර අනෙක් සියලුම පක්ෂ, අරාබි පක්ෂ සමඟ එක්ව කටයුතු නොකරන බවට ප්රතිඥා දී ඇත.
හමුදා භටයින්, රාජ්ය තාන්ත්රිකයින් සහ රෝහල්ගත රෝගීන් ඇතුළු පිරිස් විසින් ප්රකාශ කරන ලද ඡන්ද
(absentee ballots) 430,000ත් 480,000ත් අතර ප්රමාණයක් තවමත් ගණන් කිරීමට ඉතිරිව ඇති බැවින්,
අවසන් මැතිවරණ ප්රතිඵල නිකුත් වීමට තවත් දිනක් හෝ දෙකක් ගත විය හැකිය.
ප්රතිඵල තහවුරු වූ පසු, ජනාධිපති අයිසැක් හර්සෝග් සියලු දේශපාලන කණ්ඩායම් සමඟ සාකච්ඡා පවත්වනු ඇති අතර, රජයක් පිහිටුවීමට වැඩිම ඉඩක් ඇතැයි තමන් විශ්වාස කරන නායකයාට ඒ සඳහා ආරාධනා කරනු ඇත. මෙම ක්රියාවලිය සඳහා සති ගණනක් ගත විය හැකිය.
එසේ රජයක් පිහිටුවීමට අපොහොසත් වුවහොත්, අවසානයේදී නැවත මැතිවරණයක් පැවැත්වීමට සිදුවනු ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

