නීතිවිරෝධී මත්පැන් තිබුණොත් වගකීම OICගේ හා SSPගේ - ජනපති
ග්‍රාමීය දරිද්‍රතාවය ඉහළයාමට මූලික හේතුවක් වී ඇති නීති විරෝධී මත්පැන් සහමුලින්ම තුරන් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියේ දී කි‍්‍රයාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
තම බල ප්‍රදේශය තුළ නීතිවිරෝධී මත් පැන් තිබුණහොත් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා සහ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා එහි සම්පූර්ණ වගකීම භාරගත යුතු බවට නව චක්‍රලේඛයක් ලබන සතියේ දී නිකුත් කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ,පිබිදෙමු පොළොන්නරුව, දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ අඩු ආදායම්ලාභී ජනතාවට ප්රතිලාභ ප්රදානය කිරිම වෙනුවෙන් අද (09දා) පස්වරුවේ පොළොන්නරුව නව නගරයේ වාරිමාර්ග කී‍්‍රඩාංගණයේ දී පැවති වැඩසටහන අමතමිනි.
යහපත් පවුල් ජීවිතයක්, යහපත් සමාජයක් මෙන්ම දැයේ දරුවන්ගේ අනාගතය ද අඳුරු කර දමන නීති විරෝධී මත්පැන්වලට එරෙහි වැඩපිළිවෙළ ද රටේත්, දරුවන්ගේත් අනාගතය වෙනුවෙන් තම ධූර කාලයේ දී සාර්ථක කර ගන්නා බව ප්‍රකාශ කළේය.

popular news
-
Matalan Saturday, 09 February 2019 08:57 PM
හොද අදහසක් ඔය චක්‍රලේකය ක්‍රයාත්මක කලොත් ප්‍රදේශයේ ඉහල පොලිස් නිලද්ත්රි ඉල්ලා ඇස වෙ ලෙබෙන පඩියෙන් ජිවත් වෙන්න බැහැනේ. .
Reply : 0 0
sg Saturday, 09 February 2019 11:35 PM
හොද තීරණයක්...
Reply : 0 0
Nandana Monday, 11 February 2019 01:18 PM
ගමේ ග්‍රාමසේවක වත් මේකට වග කියන්න ඕන
Reply : 0 0
Wasa Monday, 11 February 2019 02:47 PM
හොද තීරණයක්. නීති විරෝධී මත් පැන් පමණක් මදි , නීතියට අයත් මත් පැන් පුද්ගලගේ අදායමට සරිලන මත් පැන් බලපතක් මාසිකව දිය යුතුය, බලපත්‍රය මත මත්පැන් නිකුත් කල යුතුය, මෙම ක්‍රමය මත් පැන් බීම සීමා කල හැක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

