නව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා
ශ්‍රී ලංකා යුද හමුදාවේ නව හමුදාපති ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
ඔහු ශ්‍රී ලංකා යුදු හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වෙයි. මේ වන විට ඔහු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියි.
හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ ධුර කාලය ඊයේ (18දා) අවසන් විය. ඔහු 2017වසරේ ජුනි මාසයේ සිට යුද හමුදාපති ලෙස කටයුතු කළේය.
දැනට මේජර් ජනරාල් ධුරයේ සිටින ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ලෙස පත්කිරීමත් සමග ලුතිනන් ජනරාල්ධුරයට උසස්වෙනු ඇත.
යුද සමයේදී 58 වැනි සේනාංකයට නායකත්වය දුන් ශවේන්ද්‍ර සිල්වා මහතා ත්‍රස්තවාදය රටින් තුරන් කිරීම වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කළ රණවිරුවෙකි.
ශවේන්ද්‍ර සිල්වා මහතා වීර වික්‍රම විභූෂණය, උත්තම සේවා පදක්කම, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම යන පදක්කම්වලින් පිදුම් ලැබුවෙකි.

popular news
-
Deepal Nirosh Tuesday, 20 August 2019 09:09 AM
ඉතා නිවැරදි මෙන්ම සාධාරණ හා නිර්භය තීරණයක්. නව යුධ හමුදාපතිතුමාට හද පිරි සුභ පැතුම්!
Reply : 0 0
janaka pradeep Sunday, 27 October 2019 06:56 AM
Nawa yuda hamudapathithumata suba pathum
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

