නවක වදයට ජනාධිපතිගෙන් දැඩි දඬුවම්

නවක වදය වැළැක්වීම පිළිබඳ පනත නිසි ලෙස කි‍්‍රයාත්මක කරමින්, නවක වදයට සම්බන්ධ වන පිරිස් වෙත දැඩි දඬුවම් ලබාදීමේ නීති ඉදිරියේදී ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
විශ්වවිද්‍යාල දරුවන්ගේ අනාගතය විනාශ කරන එම වැඩපිළිවෙළට ඉඩ තැබිය නොහැකි අතර, විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඉදිරියේදී රජය විශේෂ වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, පොළොන්නරුව ජාතික වෘත්තීය පුහුණු ආයතනය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට අද (07දා) පෙරවරුවේ එක් වෙමිනි.
popular news
-
Champa Friday, 07 September 2018 08:27 PM
සම්පූර්නයෙන්ම එකඟයි. විශ්ව විද්‍යාල දරුවන් ආරක්ෂා කරන එක රජයේ යුතුකමක්. විශ්ව විද්‍යාලේ ඉන්න ත්රිසන්නු ඔක්කොම අල්ලල හිරේ දාන්න ඕනේ. මම දන්නේ නැහැ විශ්ව ව්ද්‍යාල ඇතුලේ CCTV camera තියෙනවද? නැතිනම් හයි කරන්න ඕනේ. සෑම දරුවෙක්ටම ශාරීරික මානසික හිරිහැර නැතුව අධ්‍යපනය ලබන්න තියෙන අයිතිය ආරක්ෂා කරලා දෙන්න ඕනේ. ඒ වගේම විශ්ව විද්‍යාලයට පිටින් ඉඳන් දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කිරීම සඳහාම කරන වර්ජන ගැනත් ඒවා මෙහෙයවන්නන් ගැනත් මීට වඩා අවධානය යොමු කරන්න ඕනේ. වර්ජනය කරන්න අයිතියක් තියෙනව වගේම සෑම දරුවෙක්ටම තමන්ගේ අධ්‍යාපන කටයුතු බාධවක් නැතුව කරගෙන යන්න තියෙන අයිතියත් ආරක්ෂා කරන්න ඕනේ.
Reply : 0 0
බණ්ඩාර Saturday, 08 September 2018 10:13 PM
මෙයා කියපු දේවල් මීට කලින් කරලා තියෙනවද? බයිලා තමයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

