නිදහස් වෙළඳ කලාප සේවකයන් නේවාසිකාගාරවල කොටුවෙයි
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයන් විශාල පිරිසක් දැනට පවතින තත්වය යටතේ, ඔවුන් සේවය කළ කර්මාන්තශාලාවල තවදුරටත් සේවය කිරීමට නොහැකි වී ඇති අතර මෙන්ම ඔවුන්ගේ නිවෙස් වෙත යාමට ද නොහැකිව නේවාසිකාගාර වල කොටු වී සිටී.
දැනට පනවා ඇති ඇදිරි නීතිය සහ දිස්ත්‍රික්ක අතර ගමනාගමන කටයුතු අත්හිටුවා තිබීම නිසා මෙම සේවක පිරිස් නේවාසිකාගාර තුළ රැදී සිටිති.
මේ නිසා ඔවුන්ට එදිනෙදා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට පවා මුදල් නොමැතිකමින් අසරණ වී සිටිති.
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයට අමතරව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවත්වා ගෙන යනු ලබන ආයෝජන කළාප 13 ක එනම් බියගම, කොග්ගල ,පල්ලෙකැලේ, මීරිගම ඇතුළු කළාප, අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ පවත්වා ගෙන යනු ලබන දංකොටුව වැනි ආයෝජන කළාප සහ කාර්මික ජනපද ලෙස ක්‍රියාත්මක වන ඒකළ , රත්මලාන වැනි කළාප වල සේවය කරන සේවකයින් ද මෙම ගැටළුවට මැදි වී පීඩා විදිමින් සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

