නඩු ප්‍රමාදයට හේතුව අගවිනිසුරු කියයි
නඩු ප්‍රමාදය නිසා අධිකරණය කෙරෙහි ජනතාව තුල ඇති විශ්වාසය නැතිවී ඇති බැවින් නඩු කටයුතු කඩිනම් කර ජනතාවට අධිකරණය කෙරෙහි විශ්වාසය ගොඩ නැගීමට නීතිපති දෙපාර්තමේන්තුව, විනිසුරුවරුන්, නිතීඥවරුන්, පොලීසිය, බන්ධනාගාරය, යන අධිකරණයට සම්බන්ධ සියලූ පාර්ශවයන් ක්‍රියා කළයුතු බව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද (10) රත්නපුරේ දී පැවසුවේ ය.
රුපියල් මිලියන 2500ක වියදමකින් රත්නපුර නව නගරයේ ඉදිකිරිමට යෝජිත සිව්මහල් නව අධිකරණ සංකීර්ණයට මුල්ගල් තැබීමෙන් අනතුරව රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේ පැවති උත්සවයේ දී අගවිනිසුරුවරයා මේ බව පැවසීය.
පළාත්බද අභියාචනාධිකරණය ද ඇතුලූව මහාධිකරණ තුනක්, දිසා අධිකරණ දෙකක්, මහෙස්ත්‍රාත් අධිකරණ දෙකක් සහ කම්කරු විනිශ්චය සභාවක් මෙම අධිකරණ සංකීර්ණය ස්ථාපිත කිරීමට යෝජිත ය. වසර තුනක් ඇතුළත එහි ඉදිකිරීම් අවසන් කිරිමට නියමිතය.
“අධිකරණයේ ස්වාධීනත්වය කිසිදු බලපෑමක් නැති බව අගවිනිසුරුවරුයා ලෙස මම අවධාරණය කරනවා. නඩු ප්‍රමාදයි කියලා ජනතාව අතර මතයක් ඇති වෙලා තියනවා. ඊට හේතුව තියෙන නඩු විසඳීමේ ප්‍රමාදයයි. නඩු ප්‍රමාද වෙන්නත් හේතු තියනවා. ජනගහන වර්ධනයත් නඩු වැඩිවීමට බලපානවා. ඒ වගේම ආර්ථිකය දියුණුවීමත් සමග වානිජ අංශ සංකීර්ණ වෙනවා. එතකොටත් නඩු වැඩි වෙනවා. අධිකරණ ප්‍රමාණවත් නොවුණම නඩු ප්‍රමාද වෙනවා. නඩු පමා වෙනකොට අධිකරණයටයි, නීතීඥ මහත්වරුන්ටයි දොස් තියනවා.
මේක ලංකාවේ පමණක් තියන තත්ත්වයක් නෙවෙයි. ඉන්දියාවේ හිටපු අගවිනිසුරුවරයෙක් වූ ක්‍රිෂ්ණරාජා විනිසුරුවරයා කියලා තිබුණා ඉන්දියාවේ තියන නඩුගොනු ටික එකපිට එක තිබ්බොත් හිමාලයටත් වඩා උසයි කියලා.
ඒ නිසා නඩු ප්‍රමාදය අවම කිරිමට විනිසුරුවරුන් ක්‍රියා කළ යුතුයි. ඒ සඳහා නීතීඥවරුන් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව, පොලීසිය, බන්ධනාගාරය, අධිකරණයට සහාය විය යුතුයි. ඒක අපි කරන යුතුකමක් සහ වගකීමක්.
අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් ඇතිවෙලා නෑ. කිසිම කෙනෙකුගෙන් අධිකරණයට බලපෑම් නෑ. නඩු තීන්දුවකින් අතෘප්තියට පත් වුණොත් ඒ පුද්ගලයාට ඉහළ අධිකරණයකට අපෑලක් ඉදිරිපත් කළ හැකියි. කිසිදු විනිසුරුවරයෙක් පක්ෂපාතීව තීන්දු දෙන්නෙ නෑ. හැම විනිසුරුවරයෙක්ම තමන් ස්වාධීන බව රටවැසියාට මෙන්ම තමන්ටත් ඇතිකරගත යුතුයි. ජනතාව තුල විශ්වාසය නැතිවන කිසිදු කාරණවක් විනිසුරුවරයෙක් අතින් සිදු නොවිය යුතුයි. විනිසුරුවරයා සාධාරණ ලෙස සවන්දීලා, කටයුතු කරනවිට රටවැසියා අධිකරණය කෙරෙහි විශ්වාසය ඇති කරගන්නවා.
ඉස්සර වගේ නෙවෙයි දැන් හැම ප්‍රධාන නගරයක් ආශ්‍රිතවම අධිකරණයක් තියනවා. ඒක මහජනතාවට පහසුවක්. දැන් පාර්ලිමේන්තුවත් අවබෝධකරගෙන තියනවා නඩු ප්‍රමාදවීමට අධිකරණ ප්‍රමාණාත්මක නොවන බව. ඒ නිසා පාර්ලිමේන්තුව අධිකරණයට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතුව තිබෙනවා.”
අජිතලාල් ශාන්ත උදය

popular news
-
ගමගේ Friday, 10 August 2018 08:17 PM
Ada.lk මේ commnet එක පල කරාවි කියා සැකයි. එහෙත්, ඉස්සර ජනගහනය අඩුයි කියල නඩු ඉක්ක්මනට විසදුවේ නැහැ. නඩුවට කතාකරනවා කල් දානවා, ජනතාව රස්තියාදු කරනවා. පොඩි ලොකු කියල වෙනසක් නැහැ, ඉස්සරත් දැනුත්, නඩු කල් දාන්නේ මහා ජනතාව තලලා ලොයර්ලට සල්ලි සොයාගන්න. ඉස්සර වගේ නොවෙයි පරිගණන වලින් ලිපිගොනු, සටහන් සකස් කරන්නත් ගබඩා කරන්නත් යන කාලය ඉතාමත් අඩුයි. මහත්තයෝ නඩුවක් අහන්න ගත්තම ඒක හැකි ඉක්මනින් ඉවර කරන්න නියෝග දෙන්න. එසේ නොකරන උසාවි වල සිටින වගකිව යුතු අයට විනය සම්බන්දව කළු තිත් එයාලගේ ෆයිල් වලට එකතු කරන්න. නඩු එතකොට ඉක්මනට ඇසේවි. ඒවගේම වැරදි කරුවන්ට දඩුවම් දීමේදී එවැනි වරද කරන copycatල ඇතිනොවන විදියට දරදඩු දඩුවම් දෙන්න. අනුකම්පා ඕන තැන දයාව පෙන්වන්න. පොදු ජනතාව කවදත් අදිකරණය ගැන පිරිහිලා. මෙවැනි වාතාවරණයක අදිකරණයට පාච්චල් කරා කියා යම් අයෙකුට විරුද්දව නීතිපති නඩු දානවනම් ඒක විහිළුවක්. හොරකමෙන් දුෂණයෙන් තොර සීලාචාර සමාජයක් ගොඩ නගන්න බුද්දිමත් විනයගරුක අදිකරණයක් අපිට නැති එකයි ලොකුම ප්රශ්නය. මුළු අදිකරණ පද්දතිය සුද්ද කරන ජනතාවට ලැදි ක්‍රියාශීලී රජයක් අවශයි.එදාට බලාසිටින අත්පොලසන් ලැබේවි..
Reply : 0 4
ane Monday, 13 August 2018 02:01 PM
අදිකරණ වල යට පඩි වැඩි කලේ නඩු ඉක්මන් කරන්නලු. දැන් මේ මොනවද කියන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

