දේශපාලන ගේම් එකකට අමාත්‍යාංශය කැඩුවා - සජිත්
නිවාස විෂය කොටස් 6කට කඩා ඇති බවත් එම විෂයන් එක්විය යුතු බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හම්බන්තොට පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“ඕනම පුද්ගලයෙකුට, පෙරපාසල් දරුවෙකුට පවා තේරෙනවා නිවාස කියන විෂය තියෙන්නට ඕන එක අමාත්‍යාංශයක් යටතේ.
එක අමාත්‍යාංශයක් යටතේ තිබිය යුතු විෂය හයකට කැඩෙන කොට ජනතාව දිශාවන් 6කට දුවන්න ඕන.
නගරේ නිවාස වලට එක දිශාවකට දුවනවා. උතුරු නැගෙනහිර නිවාසවලට තව දිශාවකට, ආපදා නිවාසවලට තව දිශාවකට, ධිවර නිවාසවලට තව දිශාවකට, කඳුරට වතු නිවාසවලට තවත් දිශාවකට, ග්‍රාමීය නිවාසවලට අපේ අමාත්‍යාංශය වග කියනවා.
ඇයි මේක සිද්ධවුණේ, දේශපාලන ගේම් ගැසීම නිසා. පුද්ගලික ආශාවන් සංසිඳුවන්නට ගිහිල්ලා, නිවාස ලක්ෂය, දශ ලක්ෂය, පහලොස් ලක්ෂය වැනි නිවාස යෝජනා කරපු නිර්මාණය කරපු අමාත්‍යාංශය කෑලි කෑලි වලට කැඩුවා.
එදා කඩපු අමාත්‍යා‘ශය එසේමයි. දැන් මේ කැලි හය එකතු වෙන්නෙත් නෑ. රට පැත්තෙන්, ජනතාව පැත්තෙන් බැලුවත් එකතුවිය යුතුයි.”

popular news
-
Dayan Sunday, 28 July 2019 07:27 PM
මෙතුමා දන්නේ ගෙවල් ගැන පමණක්ද?
Reply : 0 0
vipula Monday, 29 July 2019 09:54 AM
මේ දිනවල වැඩිම දේශපාලන ගේම් තිබෙන්නේ ඔබතුමාගේ වගේ පෙනෙන්න තිබෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

