දේශපාලඥයින්ටත් වඩා බැසිල් ඉල්ලන්නේ ජනතාවයි
මෙරට සංවර්ධන කටයුතු සාර්ථක කර ගනිමින් රට ගොඩ නැගීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණි පසු ලබා දෙන අමාත්‍යාංශයට , ක්‍රම සම්පාදන අංශය එක් කරන ලෙසට රාජ්‍ය නිලධාරීන් විසින් ඉල්ලීමක් කොට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා පැවසීය.
මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවති වැඩසටහනකට සහභාගිවූ මන්ත්‍රීවරයාගෙන්, බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
"බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට එන ලෙසට දේශපාලනඥයින් පමණක් නොව රාජ්‍ය නිලධාරීන් පවා ඉල්ලීම් කරනව. මේ වනවිට දිවයිනෙහිම දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂවරුන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින අධ්යක්ෂවරුන් විසින් ඉල්ලීමක් කර තිබෙනව, බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ අමාත්‍ය ධුරයක් බාර ගැනීමෙන් පසුව එම අමාත්‍යාංශය යටතට දිස්ත්‍රික් සැලසුම් හා ක්‍රම සම්පාදන අංශය සම්බන්ධ කර ගන්නා ලෙසට.
එමගින් එම නිලධාරීන් ඉල්ලා සිටින්නේ සංවර්ධනය කරමින් රට ගොඩ නැගීමට 2015 වර්ෂයට පෙර තිබූ අන්දමට කටයුතු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.
අද වනවිට මේ රටේ දේශපාලකයින්ටත් වඩා බැසිල් මහත්තයට පාර්ලිමේන්තුවට එන ලෙසට ජනතාවගේ ඉල්ලීම වැඩි වී තිබෙනව, මොකද ජනතාවට සහන සැලසීමට සහ රටේ ආර්ථිකය ගොඩ ගැනීම පිණිස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයට ශක්තියක් වන නිසා."
මෙම අවස්ථාවට මහර ප්‍රාදේශීය සභාවේ සභාපති සුදීමා චාන්දනී සහ එහි උප සභාපති අජන්ත වික්‍රමආරච්චි යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.
තිලකරත්න දිසානායක
popular news
-
Deepal Nirosh Sunday, 04 July 2021 12:24 PM
තමන් රාජකාරි කරන අමාත්‍යංශය අසවල් පුද්ගලයාට පවරන අමාත්‍යංශයට අනුබද්ධ කරන්න කියල රජයේ කවර හෝ මාණ්ඩලික නිලධාරියෙකු ඉල්ලා සිටිනවා නම් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ඇරඹිය යුතුයි. මොකද අමාත්‍ය ධුරයකට පත්වන්නේ දේශපාලඥයෙක්. මාණ්ඩලික නිලධාරීන් දේශපාලන කටයුතුවල නියැලීම විනය කඩ කිරීමක්.
Reply : 0 0
පප්ප Sunday, 04 July 2021 12:37 PM
මොනවද මේ මොල කියන පල් බොරු.මිනිසුන්ට පාන් කියන්න බැරිව ඉන්නව , උන්ට ඔන බැසිලෙක් තොපිටයි ඒක ඔනේ.
Reply : 0 3
Sam Sunday, 04 July 2021 12:42 PM
කොයි මුඛයෙන් ද ඔවුන් ඉල්ලා සිටින්නේ
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

