දින 150කින් හදනවා කි පාලම දින 150ක් ගතවෙලත් ඉදිකිරීම් ආරම්භ කර නෑ
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නුවරඑළිය බස් නැවතුම්පොළ අසල පාලම ඉදිකිරීම තවමත් ආරම්භ කර නැහැ – රුපියල් ලක්ෂ 54 – 62 ක ව්‍යාපෘතිය ගැන ජනතා ප්‍රශ්න රැසක්.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ නුවරඑළිය බස් නැවතුම්පොළ ආසන්නයේ පාලම නැවත ඉදිකිරීම සඳහා දින 115ක් ඇතුළත වැඩ අවසන් කරන බවට පොරොන්දු වෙමින් උත්සවාකාරයෙන් මුල්ගල් තැබුවද, එම උත්සවයෙන් දින 150කට ආසන්න කාලයක් ගතවී ඇතත් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර නොමැති බව ප්‍රදේශවාසීහු පවසති.
අදාළ පාලම ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 54 සිට 61ක මුදලක් වෙන් කර ඇති බවත්, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් පැවති මුල්ගල් තැබීමේ උත්සවය සාම්ප්‍රදායික මඟුල් බෙර හා නැටුම් කණ්ඩායම් සහිතව උත්සවාකාරයෙන් පැවැත්වූ බවත් ප්‍රදේශවාසීහු සිහිපත් කරති.
එහෙත් දින 115ක් ඇතුළත ඉදිකිරීම් අවසන් කරන බවට එහිදී ප්‍රකාශ කළ ව්‍යාපෘතියේ දින 150කට ආසන්න කාලයක් ගතවී තිබියදීත් වැඩ ආරම්භ කිරීමට පවා පියවර ගෙන නොමැති වීම පිළිබඳව ජනතාව දැඩි විමතිය පළ කරති.
මෙතරම් කුඩා පාලමක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 61ක මුදලක් වැය කිරීමට තීරණය කළේ කුමන පදනමකින්ද යන්න පිළිබඳවද ජනතාව ප්‍රශ්න කරති. එම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව ලබාදීමේදී විනිවිදභාවය සහ අදාළ ක්‍රියාපටිපාටි අනුගමනය කර තිබේද යන්න සම්බන්ධයෙන්ද පැහැදිලි කිරීමක් අවශ්‍ය බව ඔවුහු පෙන්වා දෙති.
ප්‍රදේශයේ ඇතැම් ව්‍යාපාරිකයන් මෙම පාලම ස්වේච්ඡාවෙන් ඉදිකර දීමට කැමැත්ත පළ කර තිබූ බවටද ප්‍රදේශවාසීහු සඳහන් කරති. එවැනි යෝජනා තිබියදී මහජන මුදල් වැය කරමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළේ කුමන හේතුවක් මතද යන්න පිළිබඳවද ඔවුහු විමසති.
සුුුුුහේල් - නුවරඑළිය



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
