දියේ ගිළුනු කළමනාකරු සොයා ගැනේ
ධීවර ඔරුවක නැගී අනුරාධපුර, නුවර වැව මැදට ගොස් පූජා නගරයේ පිහිටි චෛත්‍යන් ආලෝකයෙන් බැබලෙන අයුරු දැක බලාගැනීමට උත්සාහකල දිවයිනේ ප්‍රසිද්ධ නිමි ඇදුම් කර්මාන්ත ශාලාවක කළමණාකරුවෙකු ඔරුව පෙරළි ගොස් දියේ ගිලි අතුරුදන්ව මරණයට පත්වී දින දෙකකට පසුව ඊයේ (19දා) සවස සිරුර සොයා ගැනීමට පොලිස් ජිවිතාරක්ෂක ඒකකයේ කිමිදුම්කරුවන්ට හැකි වූහ.
පසුගිය (17දා) වනදා ඔරුවක් පෙරළියාමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ, පමුණුව, මහරගම ලිපිනයේ පදිංචිව සිටි දෙදරු පියෙකු වන 43 හැවිරදි දොන් අජන්ත තලගල යන අයයි. ඔහු දිවයිනේ පිහිටි ප්‍රසිද්ධ නිමි ඇදුම් මැසීමේ කර්මාන්ත ශාලාවක මිහින්තලයේ පිහිටි ශාඛාවේ කැපුම් අංශයේ කළමනාකරු වශයෙන් කටයුතු කර තිබුණි.
මරණකරු එදින රාත්‍රී 8.45ට පමණ කිට්ටු හිතවත් කමක් ඇතිකර ගෙන සිටින අභිමංසල පාර පුල්ලේයාර් කෝවිල අසල අනුරාධපුර පදිංචි කුමාරසිංහලාගේ අනුර ධර්මදාස මහතා සමග නුවර වැව මැදට හොදින් දර්ශනය වන පූජා නගරයේ පිහිටි චෛත්‍යන් දැක බලාගැනීමට ඔරුවේ නැගී ගැඹුරු දියඹට ගොස් ඇති බව පොලිසිය සිදුකල මූලික පරික්ෂණ වලදී අනාවරණයවී තිබුණි.
අනුරාධපුර -චතුරංග

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

