දකුණු පළාතෙන් නව කොරෝනා ආසාදිතයන් 94ක්
දකුණු පළාතෙන් ඊයේ (09) දිනය තුළ අළුතින් වාර්තා වූ රෝගින් 94 දෙනකු සමග දකුණු පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3284ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පළාත් කොරෝනා මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 1730ක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 1184ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 370ක් වශයෙන් එම පිරිස වාර්තා වී ඇත.
අලුතින් වාර්තා වූ රෝගීන්94 දෙනාගෙන් 50 දෙනකුගාල්ල දිස්ත්‍රික්කයෙන් ද 26දෙනකුමාතර දිස්ත්‍රික්කයෙන් ද18දෙනකු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ අලුතින් වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් 33දෙනකු ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයෙන් ද 04 දෙනකුඅම්බලන්ගොඩ කොට්ඨාසයෙන් ද 03 දෙනකු යක්කලමුල්ලෙන් ද වාර්තා වන අතර අක්මීමණ, බලපිටිය, ඉඳුරුව හා කරන්දෙණිය බල ප්‍රදේශ වලින් ආසාදිතයන් දෙදෙනා බැගින් ද තවලම හා හික්කඩුව බල ප්‍රදේශ වලින් එක් ආසාදිතයා බැගින් ද වාර්තා වන බව තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි.
මාතර දිස්ක්‍රික්කයේ අලුතින් වාර්තා වී ඇති ආසාදිතයන්ගෙන් 17දෙනකු මුලටියනබල ප්‍රදේශයෙන් ද මාතර නගර සභා බල ප්‍රදේශය හා පස්ගොඩ බල ප්‍රදේශයෙන් ආසාදිතයන්03දෙනා බැගින් ද අකුරැස්සෙන් ආසාදිතයන් දෙදෙනකු ද මාලිම්බඩ බල ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙකු ද වාර්තා වී තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අලුතින් වාර්තා වී ඇති ආසාදිතයින් 18දෙනාගෙන් ලුණුගම්වෙහෙර හා තිස්සමහාරාමය කොට්ඨාස වලින් ආසාදිතයන් 04දෙනා බැගින් ද තංගල්ල හා වීරකැටියෙන් ආසාදිතයන් 03දෙනා බැගින් ද අගුණුකොලපැළැස්සෙන් ආසාදිතයන් දෙදෙනකු ද අම්බලන්තොට හා හම්බන්තොට බල ප්‍රදේශ වලින් එක් ආසාදිතයා බැගින් ද වාර්තා වේ.
තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ මේ වනවිට දකුණු පළාතේ ආසාදිතයින්ගෙන් 2331 දෙනකු සුවය ලබා ඇති බවයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ රෝහල්ගත කර සිටි 1251 දෙනකු සුවය ලබා ආපසු නිවෙස්වලට පැමිණ ඇත. මාතර දිස්ත්‍රික්කයේ සුවය ලැබූ පිරිස 834ක් වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ එම සංඛ්‍යාව 246 දෙනෙකි.
මේ වනවිට කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා දකුණු පළාතේ පීසීආර් පරීක්ෂණ 88,331ක් සිදුකර ඇති අතරගාල්ල දිස්ත්රික්කයේසිදුකර තිබෙන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 40,165කි. මාතර දිස්ත්‍රික්කයේ 27,539ක් දහම්බන්තොට දිස්ත්‍රික්කයේ පීසීආර් පරීක්ෂණ 20,577ක් සිදුකර තිබේ.
දකුණු පළාතේ පවුල් 3146ක පුද්ගලයෝ 7424 දෙනකු මේ වනවිට නිරෝධායනයට ලක්කර ඇතැයි කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1639ක පුද්ගලයින් 3154 දෙනකු ද මාතර දිස්ත්‍රික්කයේ පවුල් 993ක පුද්ගලයින් 3461 දෙනකු ද හම්බන්තොට ඉදිස්ත්රික්කයේ පවුල් 514ක පුද්ගලයින් 809 දෙනකු ද නිරෝධායනයට ලක්කර ඇත.
සිරංගිකා ලොකුකරවිට
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

