තොරතුරු තාක්ෂණයේ ග්‍රාමීය පැවැත්මට සහතිකයක්
ග්‍රාමීය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානවල පැවැත්ම සහතික කිරීම සඳහා පියවර රැසක් ගෙන ඇතැයි විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා පවසා සිටියේය.
ඒ අනුව, නැණසල මධ්‍යස්ථානවල නියාමනය, ප්‍රගතිය ඇගයීම හා පැවැත්ම සඳහා අවශ්‍ය සහාය ලබාදීම දිස්ත්‍රික් සංවර්ධන කමිටු වෙත පැවරෙන බව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා පෙන්වා දුන්නේය.
අම්පාර දිස්ත්‍රික්කයේ නැණසල සහ ‘මිස්සක ඉ-නැණ පියස’ මධ්‍යස්ථාන ක්‍රියාකරුවන් අමතමින් මේ බව සඳහන් කළ ලේකම්වරයා ඉදිරියේදී මෙම මධ්‍යස්ථානවල සියලු අඩුපාඩු සකස් කිරිමට පුළුල් වැඩපිළිවෙළක් අමාත්‍යංශය විසින් දැනටමත් ක්‍රියාවට නංවා ඇතැයි පෙන්වා දෙන ලදී.
ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව උපරිම ලෙස ඉහළ නැංවීම නැණසල සහ මිස්සක ඉ- නැණපියස මධ්‍යස්ථානවල අරමුණ බවද පැවසුණි.
එමෙන්ම රජයෙන් ලබාදෙන පුරවැසි සේවාවන් අන්තර්ජාලය ඔස්සේ ග්‍රාමීය ජනතාවට ලබාදීමටද මෙම තාක්ෂණ මධ්‍යස්ථාන භාවිත කරන බව ගෝඨාභය ජයරත්න මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් මෙම දිස්ත්‍රික් තොරතුරු තාක්ෂණ කතිකාව සංවිධානය කර තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

