වැලිමඩ පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් ත්රස්ත ක්රියා සම්බන්ධයෙන් ප්රශ්න කිරිමට ගත් බදුලිය මාවත, සිල්මියා පුර පදිංචි සාහුල් හමීඩ් හිස්බුල්ලා යන අය මෙහොමඩ් සහරාන් සමඟ පුහුණුවිම් හා අවිපුහුණුව ලබා ඇති බව අනාවරණය වි ඇත.
හම්බන්තොට ප්රදේශයේදි ඔහු මෙම අවිපුහුණුව ලබා ඇති බව අනාවරණයවු බව පොලිස්මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ත්රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදි ඇති බවත් තවදුරටත් ත්රස්ත විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදු කරමින් පවතින බවයි.