රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සඳහා තවත් උපාධිධාරීන් 10,000කට රැකියා ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
අද (19) පෙරවරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලේකම් කාර්යාල පරිශ්රය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් හමුවු අවස්ථාවේ දී මේ බව සඳහන් කර තිබේ.
