මඩකලපුව - කල්මුණේ ප්රධාන මාර්ගයේ තාලන්කුඩාහි සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (1දා) රාත්රී 11ට පමණ මෙම අනතුර සිදුව තිබේ. අක්කරෙයිපත්තු සිට කොළඹ දෙසට ධාවනය වූ අධි සුපභෝගි බස් රථයක එම දිසාවෙන් පැමිණි යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් පුදුකුඩිඉරිප්පු කාලි කෝවිල පාරේ පදිංචි එස්.0 දිලුක්කන් (වයස 20) හා නිලුක්ෂන් (වයස 22) යන අය ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් පසු ප්රකෝප වූ පිරිස් බස් රථයට පහරදී අලාභ හානි සිදුකර තිබේ. රියදුරු හා කොන්දොස්තර පළාගොස් ඇති අතර අනතුරට හේතුව බස් රථයේ අධික වේගය බව පොලීසිය කියයි.
මඩකලපුව ජවුෆර් ඛාන්