තංගල්ල පොලිස් වසමේ උණාකූරුව වෙරළ තීරයේ 2026.10.29 දින දහවල් දිය නාමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මුහුදු රළට හසුව ගසාගෙන ගොස් ඇති අතර එක් පුද්ගලයෙකු ප්රදේශවාසීන් විසින් බේරාගෙන තංගල්ල රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා දියේ ගිලී අතුරුදන්ව ඇත. මරණකරු අවුරුදු 22 ක් වූ උණාකූරුව, තංගල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි. නාවික හමුදාවේ සහය ඇතිව දියේ ගිලී අතුරුන් වූ පුද්ගලයා සොයා තංගල්ල පොලිසිය විසින් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි.