තම පළමු විවාහයේ අවුරුදු 12ක දියණිය ඝාතනය කළ මිත්තනියක් පිළිබඳව තොරුතුරු කෝපායි පොලිස් වසමෙන් වාර්තා වෙයි.
කෝපායි පොලිස්වසමේ තිරණවේලි ප්ර දේශයේ පිහිටි ලැගුම්හලක වසා ඇති කාමරයකින් දුඟදක් හමන බවට එහි සේවකයෙක් කෝපායි පොලීසියට කළ පැමිණිල්ලක් අනුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පසුව එම කාමරයේ එක් ඇඳක දින කිහිපයකට පෙර මියගිය දැරියකගේ මෘත ශරීරයක් තිබී ඇති අතර අනෙක් ඇදෙහි සිහිසුන්ව කාන්තාවක් සිට ඇති අතර ඇය ගිලන් රථයකින් රෝහල් ගත කර තිබේ.
ජීවිතක්ෂයට පත්ව තිබුණ දැරිය අවුරුදු 12ක් වන පල්ලිය පාර, ත්රිකුණාමය ප්ර දේශයේ පදිංචිකාරිනියකි.
සිද්ධිය සම්බන්ධයෙන සිදුකළ විමර්ශනයේදී මියගිය දැරිය මෙම කාන්තාවගේ දියණියගේ පළමු විවාහයේ දැරිය බවට අණාවරණය වී ඇත.
දෙදෙනා පසුගිය 9 දා ලැගුම්හලට පැමිණ ඇති අතර කාන්තාව විසින් ඉන්සියුලින් ඉන්නතක් හා නිදි පෙති 10ක් ලබාදී මෙම ඝාතනය කර ඇති බවට තොරතුරු අණාවරණය වී තිබේ.
අපරාධයට සම්බන්ධ අවුුදු 63ක කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.