වේගවත් ව්‍යාප්තියක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත සේවිකාවක් වාර්තා වූ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟළුම් කම්හළෙන් තවත් ආසාදිතයන් 14 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
කෙසේවුවද මෙම ආසාදිතයන් 14 දෙනාට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇත්දැයි තහවුරුවී නොමැති බවද ඔවුහු පවසති.
ආසාදිත වූ අයගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ඇතුළු ආශ්‍රිතයන් සියළු දෙනා නිරෝධායයට යොමුකර ඇති අතර කර්මාන්තශාලාවේ සියලුම දෙනාට දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස දැනුම් දී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් කොටසකට පමණක් කොරෝනා එන්නත ලැබී තිබේ. ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වී ඇතැයි හඳුනාගත් තරුණිය රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකාරියකි.
ඇගේ පවුලේ සියලු දෙනා නිරෝධායනයට යොමුකර සිටින බවත් නිරෝධානය අවසන් වූ පසු පීසීආර් පරීක්ෂණ සිදුකරන බවත් රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
සිරංගිකා ලොකුකරවිට
