නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීම සහ බදු පැහැර හැරීම සම්බන්ධ චෝදනාවලට වරද පිළිගන්නා බව හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොටුව මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
කොළඹ පෞද්ගලික හෝටලයක තිබියදී අදාළ සුඛෝපභෝගී මෝටර් රථය සොයාගෙන තිබූ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේදී මෙම දැනුම්දීම සිදුකර ඇත.