ජනාධිපතිවරයා හා විපක්ෂනායක අතර තිරණාත්මක සාකච්ජාවක් ඉදිරි පැය 48 තුළ
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවක් ඉදිරි පැය 48 වැනි කෙටි කාලයක් තුළ පැවැත්වෙන බව රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ඒකාබද්ධ විපක්ෂයේ උපසභාපති රංජිත් ද සොයිසා මහතා පැවසීය.
අද පුවත්පතට අද (28) ප්රකාශයක් ලබා දෙමින් මන්ත්රීවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා,
ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවක් ඉදිරියේදි පැවැත්වෙනවා. ඉතාම කෙටි කාලයක් ඇතුළත පවත්වන්න වේලා තියෙනවා. බොහෝ සාධනීය කරුණු සම්බන්ධයෙන් මේ වන විටත් එකඟතාවකට පැමිණ තිබෙනවා. අවසන් තීරණාත්මක සාකච්ඡාව ජනාධිපතිතුමත් විපක්ෂනායකතුමත් මෙලෙස පවත්වන්න නියමිත බව මන්ත්රීවරයා වැඩිදුරටත් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
