කොළඹ කොටස් වෙළඳ පොළ තුළ පවතින ධනාත්මක වර්ධනය අනුව මේ වසරේ ජනවාරි මාසයෙන් පසුව ප්රථම වරට අද දිනයේදී කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6000 ඉක්වමීය.
ඒ අනුව එම මිල දර්ශකය ඒකක 6028ක් වාර්තා කරමින් සියයට 2.89ක වර්ධනයක් පෙන්වීය.
එසේම S & P SL20 දර්ශකයද ඒකක 2495ක් වාර්තා කරමින් සියයට 0.55ක වර්ධනයක් වාර්තා කළේය. අද දිනය අවසානයේ කොටස් වෙළඳපොලේ පිරිවැටුම 1,895,305,112.40 ලෙස දැක්විණ.