ජනපති පොලීසිය වෙනස් කිරීමට සැරසෙයි
පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන් පිරි වෘත්තිකයන්ගේ සේවාවක් බවට පත් කිරිමට විෂය භාර අමාත්‍යවරයා ලෙස අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
ජාතික පොලිස් ඇකඩමිය උපාධි මට්ටමට ගෙන ආ යුතු අතර ඊට යම් බාධාවන් තිබේ නම් එම සියලු බාධා ඉවත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා සහතික ප්රදානෝත්සවය අමතමිනි.
පොලිස් දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමට හා එහි ගුණාත්මකභාවය ඉහළ නංවමින් උසස් ප්‍රමිතියක් ඇති කිරීමට කළයුතු බොහෝ කාර්යයන් පසුගිය කාලය තුළ අතපසු වී ඇති බව ජනපතිවරයා සඳහන් කළේය.
තමා පොලිස් දෙපාර්තමේන්තුව භාරගෙන මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ එය ශක්තිමත් කිරීමට පියවර රැසක් ගත් බවත් පොලිස් දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමට අවශ්‍ය නීති සංශෝධන රැසක් මේ වන විට සිදුකර තිබෙන බවත් පැවැසීය.

popular news
-
Alexander Tuesday, 22 January 2019 12:24 PM
ගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ ක්‍රියාමාර්ගය අගය කරමි නමුත් කුඩුවලට හා අනෙකුත් අපරාධ වෙදිවෙමින් පවතින්නේ පොලිචියේ සයගේ වෙඩ නිසා බව අවබෝධ නෙති එක තම ලොකුම ප්රශ්නය.කුඩුවලට සම්පූර්ණයෙන්ම වගකියන්නේ ඕනේ පොලිචියයි.ගම්වල කුදුගහන ය කොතරම් ඉන්නවද.නමුත් පොලිචිය ඒවාට නිස්සබ්දි .කෙනෙකු පොලිචියට කුදගහන අයෙක් ගෙන කිව්වම පොලිචියේ ය කුදුකරයට පණිවිඩය දෙනවා හැංගිලා ඉන්න කියල.මොකදේ අයගෙන් ගතමනාව ගන්නේ පොලිචියේ සමහර අය
Reply : 0 0
rocky Wednesday, 23 January 2019 06:47 AM
ඉස්සර නම් අපරාධ වාර්තා ඇති පවුල්වල කිසිම සාමාජිකයෙකු පොලිසියට බඳවා ගත්තේ නැහැ. අද එහෙම නොවෙයි! පොලිසිය උසස් තත්වයකට ගෙන ආ යුතුයි. අඩුම ගන්නේ උසස් පෙළ වත් සමත් නැති කිසිවෙකු පොලිසියට හමුදාවට බඳවා ගත යුතු නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

